හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු මහතාට දුරකථනයෙන් කතා කොට  තෝරාගත් පාසල් සහ ක්‍රීඩා සංගම්වලට කැරම් සහ දාම්බෝඩ් දහහතරදහසක් ආනයනය කිරීමට
උපදෙස් ලබාදීමත්,

ඒ අනුව අවස්ථා හතරකදී ඒවා ආනයනය කොට රුපියල් 53,113,975. 17ක් රජයට පාඩු කරන ලැබීමත් නිසා
අල්ලස් කොමිසම පැවරූ නඩුවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් ඊයේ ප්‍රශ්න කිරීමට ලක්ව අත්අඩංගුවට පත්වු අතර එදිනම ඇප නියම වූ නමුත් විදෙස්ගතවීම තහනම් කිරීමේ කොන්දේසියට අදාළව ඔහුගේ පාස්පොට්එක අන්තරාස්ධාන වීම නිසා ඔහු රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත් වරිය පසුව නියෝග කළාය.
නමුත් අද ඔහුගේ නීතිඥයින් පාස්පෝට් එක අධිකරණයට ඉදිරිපත් කර ඔහු ඇප මත මුදවාගන්නා ලදි.