මහනුවර, මැණික්හින්න, රජවැල්ල, රම්බොඩවත්ත ප්‍රදේශයේ නිවසක තිබී  අද උදෑසන මළ සිරුරු කිහිපයක් හමුව ඇති අතර එම මළ සිරුරු එකම පවුලේ පියා, දියණිය සහ පුතාගේ බවට අනාවරණය වී තිබෙයි.

එම

නිවසේ කාමරයක අද උදෑසන ඇති වූ ගින්නකින් මොවුන් මියගොස් ඇති අයුරු හඳුනාගන්නට ලැබී තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ ඉන්දික පුෂ්ප කුමාර ප්‍රේමතිලක නැමැති 36 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, 13 හැවිරිදි දුල්මි නවාංගනා ප්‍රේමතිලක නැමැති ඔහුගේ දියණිය සහ වයස අවුරුදු 05ක් වන දිලේෂන ගයාන් ප්‍රේමතිලක නැමති ඔහුගේ පුතා ය.
ඒ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත අතර මැණික්හින්න පොලීසිය පැවසුවේ ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව යි.
අද(10) උදෑසන 07.30ට පමණ මැණික්හින්න පොලිසියට ලද තොරතුරක් අනුව පොලිසිය මළ සිරුරු හඳුනාගන්නා ලදි.
මරා ගිනි තැබීමක්ද ස්වාභාවික ගින්නක්ද යන්න හෝ ගින්නට හේතුව හෝ මෙතෙක් අනාවරණය වී නොමැත.

මැණික්හින්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ