IPL තරඟාවලිය වර්ජනය කරන ලෙසත් එම තරගාවලිය නැරඹීම අතහරින ලෙසත් ඉන්දීය නළු අනාගත
දේශපාලනඥ රැජිනිකාන්ත් ඉන්දියාවේ ජනතාවගෙන් ඉල්ලා සිටියි. කාවේරි නදියේ ජලය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුවට රජයෙන් තවම විසඳුමක් නැති නිසා මේ පියවර ගන්නා ලෙස

ඔහු දන්වා තිබේ.
මේ හේතුවෙන් චෙන්නායි නුවරදී IPL තරඟ පවත්වනවාටද ඔහු විරෝධය පළ කර ඇත.  Chennai Super Kings කණ්ඩායමේ ක්‍රීඩකයින් කළු පටි පැළඳගෙන ක්‍රීඩා කරන ලෙසද ඔහු ඉල්ලා ඇති අතර ටිකට් ලබාගත් අය සිටී නම් එම ප්‍රේක්ෂකයින්ට කළු ටී ෂර්ට් පැළඳ තරඟ නරඹන්නයි ඔුහ දන්වා ඇත. මේ අතර
 IPL තරංග නරඹන්නට කළු ඇඳුම් පැළඳගෙන එන ප්‍රේක්ෂකයින්ව ක්‍රීඩාංගනයට ඇතුළු නොකරන්නට චෙන්නායි පොලීසිය තීරණය කර ඇති බවද වාර්තාවේ.