විදුලි අර්බුදයක් අත ළගටම පැමිණ ඇතත් එහෙත් නව විදුලි බලාගාර ඉදිකිරීම හෝ 20 අවුරුදු ජනතා සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සැළසුම් නොකරන බවත් මේ මස 18 වැනිදා සිට අකුරට වැඩ කිරීම්
වෘත්තීය ක්‍රියාමාර්ගයක්

දියත් කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

20 අවුරුදු ජනතා සැලැස්ම ක්‍රියාත්මක කරන ලෙසට ආණ්ඩුවෙන් දිගින් දිගටම ඉල්ලීම් කළද එයට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති නිසා ව්‍යාප්තිය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවත්, ඒ පිළිබඳ විෂය භාර අමාත රංජිත් සියඹලාපිටිය මහතාට ලිපියක් මගින් දැනුවත් කරන බවත් එම සංගමයේ සභාපති ඉංජිනේරු සෞම්‍ය කුමාර මහතා සඳහන් කළේය.

 සෑම වසරකදීම විදුලි ඉල්ලුම මෙගාවොට් 200කින් ඉහළ යන බවත්, එසේ තිබීයදී අඩු වීයදම් බලාගාරයක් ඉදිකිරීමට බලධාරීන් කටයුතු නොකරන බවත් ඔහු පවසා සිටියේය.
බලාගාර ඉදි නොකර වැඩි මුදලකට පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා බලධාරීන් උනන්දු වන බවත්, මේ නිසා පසුගිය වසරේදී පමණක් රුපියල් කෝටි හාරදහසකට අධික මුදලක් රටට අහිමි වී තිබෙන බවද සඳහන් කළේය.

මේ නිසා ජනතාව ගැන සහ රට ගැන සිතා වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කර අඩු වීයදම් බලාගාර ඉදිකරවා ගැනීමට තීරණය කර තිබෙන බවද හෙතෙම කියා සිටියේය.