රියැදුරු බලපත‍්‍රය ලබා ගැනීම සඳහා වන ලිඛිත පරීක්ෂණය ලබන මැයි මස සිට ඩිජිටල් ක්‍රමයට පැවැත්වීමට
සැලසුම් කර තිබේ.

මෙහිදී අයැදුම්කරුවන් 150කට පමණ එකවර විභාගයට පෙනී සිටිය හැකි අතර ඔවුන් පරිගණක තිරයේ දිස්වන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ස්පර්ශ කර සැපයිය යුතුවේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රකාශ කළේ ලිඛිත පරීක්ෂණයේදී සිදුවිය හැකි අක‍්‍රමිකතා වැළැක්වීම සහ ඉතා ඉක්මනින් විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීමට හැකිවීම යන කරුණු සැලකිල්ලට ගෙන එම පියවර ගත් බවයි.

නව ක්‍රමවේදයේ මූලික අදියර මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ප්‍රධාන කාර්යාලයේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.