රාවුල් කස්ත්‍රෝගෙන් පසු කියුබාවේ ජනපති ධුරය, රාවුල්ගේ සමීපතම හිතවතා ලෙස කටයුතු කරන මිගුවෙල් දියාස් කැනෙල්ට පරිනැමීමට කියුබානු පාර්ලිමේන්තුව ඊයේ (19) කටයුතු කලේය. ඒ අනුව කස්ත්‍රෝ පවුලේ පාලනයෙන් කියුබාවේ ගිලිහී යනු ඇතැයි ද පැවැසෙයි. 2006 වසරේ දී රාවුල් කියුබාවේ ජනාධිපති ධුරයට පත්
වූයේ වැඩිමල් සොයුරු ෆිදෙල් කස්ත්‍රෝ අසනීප තත්ත්වයෙන් පසුවෙද්දීය. ෆිදෙල් කස්ත්‍රෝ දිවියෙන් සමුගත්තේ 2016 වසරේදීය. ඒ එනවිට ඔහුගේ වයස අවුරුදු 90 ක් විය. ෆිදෙල් කස්ත්‍රෝ මෙන්ම රාවුල් ද කියුබාව මෙහෙය වූ ජනතා වීරයන් ලෙය කියුබානු වැසියන් අතරේ පමණක් නොවේ ලොව පුරා ප්‍රකටය.

තමා නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින්, මෙම 2018 වසරේ දී ධුරයෙන් ඉවත් වි, කස්ත්‍රෝ පවුලෙන් පිට කෙනකුට ජනාධිපති ධුරය පිරි නමන බව රාවුල් නිවේදනය කළේ පසුගිය වසරේදිය.
නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් රාවුල් ජනපති ධුරයෙන් ඉත් වුවත් කියුබාවේ කොමියුනිස්ට් පාලනය තව දුරටත් පවතිනු ඇතැයි ද පැවැසෙයි.
රාවුල් කස්ත්‍රෝ පාලක කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ලෙය 2021 වසර තෙක් රැඳී සිටීමට ද නියමිතය. කියුබාවේ ජනාධිපති ධුරයට පත් වන මිගුවෙල් දියාස් කැනෙල් කියුබා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ උප ජනාධිපති ලෙස කටයුතු කරමින් සිටී. ඒ. 2013 වසරේ සිටය. 57 හැවිරිදි වියෙහි පසුවන ඔහු රාවුල් කස්ත්‍රෝගේ දකුණු අත බවට පත් වූයේ එදා සිටය. මිගුවෙල් දියාස් කැනෙල් ඉන්ජිනේරුවෙකි. ඔහු ගුරුවරයකු ද වෙයි.