http://www.gossiplankanews.com/2018/04/amaraweera-not-out.html#more

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා ඊට අනුබද්ධ ආයතන එක්ව පවත්වන ගද සැහැල්ලු පන්දු සුහද ක්‍රිකට්  තරගයක් අද දින (27) නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනයේ දී පවත්වා තිබේ.
 එහිදී ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර
මහතා හයේ පහර දෙකක් හා හතරේ පහර තුනක් එල්ල කරමින් නොදැවී ලකුණු රැස් කර ඇති බව වාර්තාවේ.
නිලධාරින් කිහිප දෙනෙක්ම ලකුණු නොලබා දැවී ගියද අමාත්‍යවරයා ඕවර් 05ම නොදැවී පිටියේ රැඳී සිටි බව කියැවේ.
අවසානයේ ක්‍රිඩා මණ්ඩපයට පැමිණි පසු නරඹන්නන් කියා සිටියේ

ඇමැතිතුමා විකට්ටුව රැක ගනිමින් හොඳින් පන්දුවට පහර දුන් බවයි.
"අපි දේශපානඥයෝ නේ. විකට් එක රැක ගනිමින් ගහන්න ඕනෑ  කොහොමද කියලා අපි දන්නවා. අනික මේ කාලයේ විකට් එක රැක ගන්න එකත් ලේසි නෑනේ. ඒ හින්ද ආපු පුල්ටොෂ්, ගුග්ලි, යෝකර් එකක්වත් ඇරියේ නෑ. අතඇරියොත් විකට් එක යනවනේ. විකට් එක රැක ගන්ඩ නම් මේ දවස්වල හතර වටේටම ගහන්න ඕනෑ. දැන් අපි කරන්නේ එන එන හැම පන්දුවටම ගහන එකනේ.. අපිට වැටෙන පන්දු මොනවද කියළා ඔයාලා දන්නවනේ - අපිට වැටෙන්නෙම යෝකර්. ඒ හින්දා විකට් එක රැක ගන්නත් ඕනෑ. ලකුනු ගන්නත් ඕනෑ. ගහන්නත් ඕනෑ.  " යැයි අමාත්‍යවරයා කීය.