බ්‍රිතාන්‍ය රාජකීය පවුලට අද 23 තවත් අලුත් අමුත්තෙකු එකතුවූ බව අද සවස නිවේදනය කෙරිණි. කේට් කුමරියට තෙවෙනි දරුවා ලෙස පුතෙකු ඉපදීම එම ආරංචියයි.

නව දරු උපත

ලන්ඩන් නුවර ශාන්ත මේරි රෝහලේදී සිදුවූ බවත් මවටත් දරුවාටත් සුවදායි බවත් රාජකීය නිවේදනයේ දැක්වේ. 11.01 ට උපන් දරුවා රාත්තල් 8.7 ක් බරින් නිරෝගීව සිටි බවද විස්තර කර තිබේ.
දරුවාට නම් තැබීම ඉදිරියේදී සිදු කරන්නට නියමිතය. මේ වනවිටත් දරුවාට නම් යෝජනා කරන තරග එරට සංවිධානය කර ඇති අතර ඒ අතර Arthur, Albert, Frederick, James හා Philip නාම වලට වැඩි බහුතරය කැමැත්ත පළ කර තිබේ.
විළියම් හා කේට් යුවළට මින් ඉහත ජෝර්ජ් නමින් පුතෙකු හා චාර්ලට් නමින් දියණියක ලද අතර ඔවුන්ගේ තෙවැනි දරු උපත මෙයයි.