සත්වෝද්‍යාන වලට විදේශීය සතුන් ලබා ගැනීමේදී ඇතිවන ප්‍රමාදය මඟහැරීමට විශේෂ ක්‍රමවේදයක් වනජීවී ලේකම් විසින් ලබාදී තිබේ.

             ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සත්වෝද්‍යාන වලට විදේශීය රට වලින් සතුන් ලබා ගැනීමේ බලය එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ලබා දෙන බව තිරසර සංවර්ධන සහ

වනජීවී අමාත්‍යාංශයේ ලේකම් ඩග්ලස් නානායක්කාර මහතා ඊයේ (05දා) පැවැසීය.

               විදේශීය රට වලින් සතුන් ලබා ගැනීමේදී තීන්දු තීරණ ගැනීමේ බලය එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නොතිබීම නිසා සත්වෝද්‍යාන වලට සතුන් ලබා ගැනීමේදී දීර්ඝ ප්‍රමාදයන් සිදුව තිබේ.

                සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු පනත කලකින් සංශෝධනය වී නොමැති අතර එම දෙපාර්තමේන්තුවට දෙහිවල සත්වෝද්‍යානයට අමතරව පින්නවල අලි අනාථාගාරය, වාගොල්ල විවෘත සත්වෝද්‍යානය, රිදියගම සෆාරි උද්‍යානය ආදී ආයතන ගණනාවක් එක්වී ඇත. එබැවින් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු පනත අද කාලයට ගැළපෙන ආකාරයට සංශෝධනය කළ යුතු බව අමාත්‍යාංශ ලේකම්වරයා කියයි.