දෙවන ලෝක යුද සමයේ දී අමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහනය කළ USS Lexington නොකාවේ සුන්බුන් වසර 76කට පසුව ඕස්ට්‍රේලියා වෙරළට ඔබෙන් වන මුහුදේදී සොයාගෙන තිබේ.

මෙම සුන්බුන් හමුවී ඇත්තේ ඔස්ටේර්ලියානු වෙරළට කිලෝමීටර් 800ක් නැගෙනහිරින් කිලෝමීටර් 3ක්
ගැඹුරු කොරල් මුහුදේදීයි.

1942 වසරේ මැයි 4-8 දින තුළ සිදුවූ ගැටුමක් අතරතුර මෙම නව්කාව කොරල් මුහුදේදී මුහුදුබත් වී තිබිණි. ඒ 210කගෙන් යුත් නෞකා කාර්ය මණ්ඩලයත් සමඟයි. අමෙරිකාව හා ජපාන අතර සිදුවූ ටෝපිඩෝ සහ බෝම්බ ගැටුමට මැදිව මෙම නැව මුහුදුබත් වී තිබිණි.

අනතුරින් 2000ක් ගලවා ගැනීමට හැකිව තිබුණි. මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ පෝල් ඇලන්ගේ උපදේශකත්වයන් යුත් කණ්ඩායමක් මෙම සුන්බුන් සොයාගත් බව අමෙරිකානු නාවික හමුදාව තහවුරු කර තිබේ.