ශ්‍රී ලංකාවට වාර්ෂිකව පැමිණෙන සංචාරකයන්ට පහසුකම් සැලසීම සඳහා සංචාරක අමාතයංශය, සංචාරක මණ්ඩලය ඇතුළු ආයතන ගණනවක් තිබේ. වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ වර්ධනය පිළිබදව
ද නිරතුරුව

මාධ්‍ය වාර්තා දක්නට ලැබෙයි. මධ්‍යම පළාත් වෙළඳ වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව පට්ටිපොළ දුම්රිය ස්ථානයේ පිහිටුවා ඇති  සංචාරක පහසුකම් මධ්‍යස්ථානයද පහසුකම් සලසන එවැනි මධ්‍යස්ථානයකි.

එහි සුවිශේෂය වන්නේ දඩාවතේ යන සුනඛයකුගේ ආරකෂාව ඇතිව සංචාරකයන්ට සුව පහසුව හා විවේකය ලබාදීමට ඇත්තේ ඇත් දුම්රිය මඟින් බඩු බාහිරාදිය ප්‍රවාහනය කරන ට්‍රොලියක් වීමයි. නිරතුරුව විදේශීය සංචාරකයන් යන එන පට්ටිපොළ, දෙමෝදර, ඉදල්ගස්හින්න වැනි දුම්රිය ස්ථානවල ඔවුන්ට විවේක ගැනීමට විවේකාගාරයක් සකසාදීමට බලධාරින්ගේ අවධානය යොමු නොවීම ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රතිරූපයට බලවත් හානියක් බව විදේශ සංචාරකයන්ට සපයා ඇති මේ පහසුකම්වලින් පෙනේ.