නීතිය හා සාමය පිළිබඳ නව අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා මීට ටික වේලාවකට පෙර
දිවුරුම්දී තිබේ.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී ය.
දිවුරුම්දීමේ සිදු කර ඇත්තේ ජනාධිපති කාර්යාලයේදී යි.
මහනුවර කලබලය අතරතුර ඇමති ධූර මාරුව සිදුව තිබීම විශේෂත්වයකි.
පසුගිය සතියේ ප්‍රකාශ වූයේ මෙම ඇමතිකම සරත් ෆොන්සේකා වෙත භාරදෙන බවකි. කෙසේ වෙතත් මේ වනවිට පවතින ආණ්ඩුවක් කෙටි කලත් තුළ වැඩිම වාරයක් සංශෝධනය කළ  ඇමතිකම ලෙස මෙම ඇමතිධූරය ඉතිහාස ගතවේ.