රිය අනතුරකින් මියගිය මුස්ලිම් භක්තිකයෙකු වෙනුවෙන් බෞද්ධ චාරිත්‍රවලට අනුකූලව භික්ෂූන් වහන්ස්ලා විෂයෙහි මහා දනක් පූජාකර මියගිය පුද්ගලයාට පින් පැමිණවීමේ ආගමික පුද ක්‍රියාවක් ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් සිල්වත්ගල සිංහල විදුහලෙහි ඉකුත් දා සිදුවිය.

පසුගියදා සිදු වූ අනතුරකින් සිදුවන්ගල විදුහලේ

ගුරුවරයකු වූ 54 හැවිරිදි තාජුඩීන් මොහොමඩ් ඉක්බාල් මහතා මිය ගියේය. මොහුගේ හදිසි අභාවයෙන් මහත් කම්පාවට පත්වූ මෙම විදුහලේ ආචාර්ය මණ්ඩලය සහ පාසල් ළමුන් එක්ව ඉකුත් දා මෙම ගුරුතුමා වෙනුවෙන් මහා සාංඝික දානමය පිංකමක් සංවිධානය කර තිබිණි.

මේ අවස්ථාවට මියගිය ඉක්බාල් ගුරුතුමාගේ පවුලේ සාමාජික සාමාජිකාවන් සහ ඥාතීන්ද සහභාගී වුහ. භික්ෂූන් වහන්සේලා පස්නමක් මෙම විදුහලට පෙරහරෙන් වඩමවා මෙම දානය පිරිනැමීමට කටයුතු කර තිබුණි.