ජනප්‍රිය නළු කුමාර තිරිමාදුරගේ හිස මතට ටවර් රඟහල් වේදිකාවේ වහලය කඩා වැටී ඔහුගේ ජීවිතය
අනූනවයෙන් බේරී ඇත.

පසුගිය ඉරිදා (4දා) සවස ස්වාධීන රූපවාහිනියේ සුබ සාධක සංගමයට ආධාර පිණිස සුනිල් ශ්‍රීගේ "අං ආවෝ" නාට්‍යය වේදිකාගත වී තිබේ. එහි 6.30 දර්ශනයේ කුමාර තිරිමාදුර මිය යන ජවනිකාවක් තිබෙන අතර එම ජවනිකාව සඳහා කුමාර වේදිකාව මත වැතිර සිටින විටදී වහලය කඩා වැටී තිබේ.
තත්පර ගණනක එහා මෙහා වීමකින් මෙම අහඹු සිදුවීමෙන් කුමාර බේරී ඇත්තේ හාස්කමකිනි.

දිවංගත ජනාධිපති ප්‍රේමදාස යුගයේ ප්‍රතිසංස්කරණය කර ජන අයිතියට පවරා නිරන්තර එතුමාගේ නිරීක්ෂණයට ටවර් රඟහල ලක්විණි.
වර්තමානයේ කිසිදු නඩත්තු වීමකින් තොරව වේදිකාවේ රඟපාන නළු - නිළි හිසමතට වහල කඩා වැටීම අතිශය ඛේදනීය තත්ත්වයකි.