ඇඳිරි නීතිය ඉවත් කළත් මහනුවර පාළුයි 
- කොළඹත් ට්‍රැෆික් අඩුයි

මහනුවර ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණය මේ වනවිට බොහෝ දුරට සමනය වී ඇති සෙයක් අද 9 උදෑසන වනවිට වාර්තා වී තිබේ. ඊයේ 8 රාත්‍රී බරපතල සිද්ධි කිසිවක් වාර්තා වී නැත.
මහනුවරට පනවා තිබූ ඇදිරි නීතිය අද (09) පෙරවරු 6ට ඉවත් කර තිබුණද උදෑසන වනවිටත් නගරය පාලු ස්වභාවයක් ගෙන ඇති බව වාර්තාවේ.
මේ අතර මහනුවර පමණක් නොව කොළඹ හා තදාසන්න නගරවල
මාර්ග තදබදය වෙනදාට වඩා බෙහෙවින් අඩුවීම ඊයේ සහ අද කැපී පෙනිණි.
මෙයට හේතුව පවතින නොසන්සුන් තාවය

රටටම දැනී තිබීමත් බොහෝ පිරිස් අනවශ්‍ය ගමන්වල යාමෙන් ඉවත්ව අත්‍යවශ්‍ය ගමන් බිමන් පමණක් වාහනවලින් යාම බව දැනගන්නට තිබේ.
ඇදිරි නීතියෙන් පසු ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට නගරයට ජනතාව සෙමින් ආවත්  මහනුවර ව්‍යාපාරික ස්ථාන රැසක් වසා තිබුණු අතර මහජනයා නගරයට පැමිණීමද ඉතා මන්දගාමී අයුරින් සිදුවි ඇත.
ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය හා ත්‍රිවිධ හමුදාව රැකවල්ලා සිටින බවද වාර්තාවේ.
පහත පළවන්නේ මහනුවර සිදුවීම් සම්බන්ධයෙන් AP මාධ්‍ය වාර්තා කර තිබූ ඡායාරූප එකතුවකි.