හුළගෙන් ඒඩ්ස් බෝවෙනවා 
කියා එළවූ 
ගනේමුල්ලේ සිසුවිය වෙස්මූණු දාගෙන 
නැවත විරෝධයේ

ඒඩ්ස් භීතියක් හේතුවෙන් පාසල අහිමි වූ  කුඩා දැරියක් හා ඇගේ මව ඊයේ (26) පෙරවරුවේ සිට පස්වරුව දක්වා ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක  නිරත වූවාය. මෙම දැරිය ගම්පහ ගනේමුල්ල කුඩා බොල්ලත ශ්‍රී සුමංගල විදුහලේ මේ වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවියකි.
ශ්‍රී සුමංගල විදුහලේ බලධාරින්ගේ ක්‍රියා කලාපය හේතුවෙන්
පසුගිය මස 20 වැනි දින සිට ඇයට

පාසල් ගමන අහිමි වී තිබේ.
මේ වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත මෙම සිසුවිය පළමු වසරේ සිට මේ දක්වා පන්තියේ පළමුවෙනියා වූ දක්ෂ සිසුවියකි.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේ මෙම දැරියට පාසල අහිමි වී තිබුනේ අනියත ඒඩ්ස් භීතිකාවක් මුල්කරගෙනයි.
 ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මැදිහත්ව  දැරියට පාසල් යාමේ අවස්ථාව උදා කර දුන්නද යළිත් මෙම දැරියට එම පීඩාවන් සිදුව පාසලින් අස්වන තැනට කරුණු යෙදී ඇත.
දැරියට නැවත කිසිදු හිරිහැරයක්  සිදු නොවන තැනට වග බලා ගන්නා බව එහිදී විදුහල්පතිවරයා මුලින් පොරොන්දු වී තිබුණත් ඔහු දැන් පවසන්නේ මට කරන්න දෙයක් නෑ දෙමාපියො කියන නිසා අස් කරන්න වුණා කියාය.