ගම්පහ රෝහලේ විදුලිය බිඳවැටීම හේත්තුවෙන් විදුලි සෝපානයේ ගමන් කළ අවුරුදු 32ක් පමණ වයසැති පුද්ගලයකු ඉන් පිටතට පැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ඉන් ඇදෙවැටී මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.



රෝහලේ ප්‍රතිකාර ලැබූ තම පුත්‍රයාව නිවස බලා රැගෙන යන අතරතුරදී මෙම අනතුරට පත්ව ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.විදුලිය ඇන හිටීම හේතුවෙන් සෝපානයේ සිරවී සිටි පිරිස බේරා ගැනීමට රෝහල් සේවකයන් පිරිසක් උත්සාහ කරන අතරතුර මියගිය පුද්ගලයා සෝපානයෙන් එළියට ගැනීමට පෙර ඔහු එයින් එළියට ඒමට උත්සාහ දරද්දී ඉන් ඇද වැටී මියගිය බව එම ප්‍රකාශකයා පැවසීය.
කඩවත සූර්යගම ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයාගේ බිරිඳ හා පුතුද මෙම සෝපානයේම සිරවී සිට ඇත.