ශ්‍රී ලාංකික නීතිඥවරියන්ට ප්‍රථම වතාවට යුරෝපීය ඇඳුමින් සැරසී අධිකරණ කටයුතුවලට සහභාගි වීම සඳහා
අග විනිසුරු ප්‍රියසාද් ඩෙප්

මහතාගේ අනුමැතිය ලැබී ඇත.  ලෝක කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමයේ ඉල්ලීමකට අනුව මෙම අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව ඉකුත් 08 වැනිදා කොළඹ දිසා අධිකරණයේද. කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේද, ශ්‍රේෂ්ඨාධිකරණයේද නීතිඥවරියන් කිහිප දෙනෙකු යුරෝපීය ඇඳුමින් සැරසී රාජකාරි ඉටුකරනු දක්නට ලැබිණි.
ඡායාරූපයේ දැවෙන්නේ එම ඇඳුම සංකේතවත් කළ ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ සන්ධ්‍යා තල්දූව සහ එම සංගමයේ ලේකම් නීතිඥ රුචිරා ගුණස්කර යන මහත්මියත්ය.