හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවුදෙනෙකු ඝාතනය කිරීම් චෝදනාවට වරදකරුවන් වී මරණ දඬුවම නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් විසින් මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචන පෙත්සම් විභාගය පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්
හමුවේ ඊයේ (26දා) ආරම්භ විය. එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම සිද්ධියේදී මුලින්ම වෙඩි වැදුනේ භාරත මහතාටද, නැත්නම් තම සේවාදායක දුමින්දටද යන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේද ප්‍රශ්නයට තුඩුදුන් බව පවසමින් දීර්ඝ දේශනයක් පැවැත්වීය. අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, නලීන් ශිපරා, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ලිගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම
අභියාචන පෙත්සම විභාගයට ගන්නා ලදී.
2011 ඔක්තෝබර් මස 08 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බස්නාහිර පළාත් සභා ඡන්දය පැවැති දින අංගොඩදී නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් හිටපු ඇමතිවරයෙකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, ජලාබ්දීන් මොහමඩි අසීම්, මනිවල් කුමාරස්සාමි

සහ දමිත දර්ශන ජයතිලක නමැත්තගේ මරණ සිදු කළ බවද, රාජ්පුරගේ දමිත දර්ශන ජයතිලක නමැත්තා
වෙඩි තබා මරා දැමීමට තැත් කරන ලදැයිද. එදින ඡන්ද දායකයන්ට ගිනිඅවී පෙන්වා සාපරාධී බියගැන්වීම,

පොදු අරමුණ කරගත් නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් අංගොඩ රාහුල විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානයේ සිටි පිරිසට බලහත්කාරය. හා ප්‍රචණ්ඩත්වය යොදා කැරලි ගැසු බවටද, එහි රාජකාරියේ යෙදී සිටි දමිත් සුරංග නමැති පොලිස් නිලධාරියාගේ පපුවට ගිනිඅවියක් තබා තර්ජනය කළ බවටද නීතිපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නගා තිබූ අතර, එම නඩුව විභාග කළ ත්‍රිපුද්ගල විනිසුරු

මඩුල්ල 2015 සැප්තැම්බර් මස 08 වැනිදා විත්තිකරුවන්ට මරණීය දඩුවම් නියුමි කයිය. එලෙස දඩුවම් නියම වූවෝ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරමින් මහාධිකරණ තීන්දුව ඉවත දමා තමන් නිදහස් කරන්නැයි ඉල්ලා සිටිති.
මෙම නඩුවෙන් මරණිය දඩුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනිල් සිල්වා  ඔහු වෙනුවෙන් දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළේය.

තම සේවාදායකයා මෙම සිද්ධියට කිසිම සම්බන්ධයක් නැතැයිදි, මෙම සිදුවීමේදී ඔහුද මරාන්තික ප්‍රහාරයකට ලක්වූවේ යැයිද පැවසීය. මෙම සිද්ධියේදී ප්‍රහාරයට ලක්වූ දුමින්දගේ ජීවිතය බේරා ගත්තේ
 සිංගප්පුරුවේ රෝහලකදී සිදුකළ සැත්කමකින් අනතුරුව බවත්, ඉන් අනතුරුවද ඔහුට දීර්ඝ කාලයක් නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදුවු බවත් පැවසූ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා, එවැනි තත්ත්වයක් තුළදී තම සේවාදායකයාට දඩුවම් නියම කිරීම තුළින් ඔහුට අගතියක් සිදුව ඇතැයිද පැවසීය. මේ තත්ත්ව නිසා තම
සේවාදායකයාට නියම කර ඇති දඩුවමෙන් ඔහු මුදවා ඔහු නිදහස් කරන්නැයි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පංච පුද්ගල විනිසුරු මඩුල්ලන් ඉල්ලීමක්ද කළේය.