ඩුබායි රටේ සැඟව සිටින පාතාල සාමාජිකයකු වන කෙසෙල්වත්තේ දිනුක නමැත්තාගේ නිවෙස් දෙකක් ඊයේ (29) පෙරවරුවේ සෝදිසියට ලක් කළ විශේෂ කාර්ය බළකාය විසින් එහි තිබී ජීව උණ්ඩ තොගයක් සමග ඔහුගේ පුංචි අම්මා හා තවත් පුද්ගලයෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම නිවසෙහි

ඝාතනවලට සම්බන්ධ පුද්ගලයන් සැඟව සිටින බවට හා ආයුධ සඟවා තිබෙන බවට ලැබුණ තොරතුරු මත විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ භට කණ්ඩායමක් ඊයේ පෙරවරුවේ මෙම නිවේස සෝදිසියට ලක්කර තිබූ බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවැසිය. නිලධාරින් නිවෙසට ඇතුළු වූ අවස්ථාවේ සැකකරුගේ පුංචි අම්මා දෙවන මහලේ සිට කිසියම් බෑගයක් නිවෙසින් ඉවතට විසිකර ඇති අතර නිලධාරින් එම බෑගය අහුලා පරික්ෂා කිරිමේදී
ඒ තුළ මිලි මීටර් 9 වර්ගයේ හා රිවෝල් වර්ගයේ උණ්ඩ රැසක් තිබූ බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. එම සිද්ධිය සමබන්ධයෙන් සැකකරුගේ බිරිය හා නිවෙසේ සැඟව සිටි තරුණයන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබුණි. දිනුකගේ නිවෙස ආසන්නයේම ඇති ඔහුට අයත් තවත් නිවෙසක් පරික්ෂා කිරිමේ දී එම නිවෙස තුළ නවතා තිබූ ඌව පළාතේ බව සඳහන් වාහන අංක තහඩුවක් සවිකළ නවීන යතුරු පැදියක් තිබි ඇත.
සැකකරුවන් සහ භාණ්ඩ සංවිධානාත්මක අපරාධ මරදන ඒකකය වෙත බාර දී තිබුණි.