යුද හමුදා සාමාජිකයන් විසින් මුහුණු පොත, ට්විටර්, ලින්ක්ඩින් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි භාවිත කිරිමකදී නිල ඇඳුම්, නිල නාම, ආයතන, උපකරණ පෙන්නුම් කරමින් ඡායාරූප ඇතුළත් කිරීම් තහනම් කොට ඇති බව යුද හමුදා මූලස්ථානය කියයි.
යුද හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතා විසින් එම නියෝගය ලිපි මගින් සියලුම කඳවුරු වෙත යොමුකර ඇති බව උසස් නිලධාරියක් පැවැසීය.‍ එම නියෝගවලට ප්‍රකාරව සියලුම යුද හමුදා සාමාජිකයන් සමාජ ජාලා භාවිතා කිරිමේ දි ස්වකීය නිල නාමය ඇතුළු හමුදා අනන්‍යතා තොරතුරු හෙළි කිරිමෙන් වැළකිය යුතු අතර නිල ඇඳුම.

හමුදා උපකරණ, ආයතන, පෙන්නුම් කරමින් පැතිකඩ ඡයාරූප හෝ පසුතල ඡායාරූප භාවිතා කිරීමෙන් වැළකිය යුතු බව ද යුද හමුඳාපතිවරයාගේ නියෝගයේ සදහන් වේ.
තව ද ජාතික ආරක්ෂාව. යුදමය කරුණ, දේශපාලනික කරුණු, දේශපාලනඥයන්ට සහ රජයේ නිලධාරින්ට අපහාස වන අන්දමේ කරුණු, වාර්ගික හා ආගමික සුසංවදයට හානි පමුණුවන කරුණු ඇතුළත් නිර්මාණ. පෝස්ටර් හෝ වෙනත් තොරතුරු සමාජ ජාලා තුළ උත්පතනය (Uploading) කිරිම, යොමු කිරීම (Forwarding). අදහස් දැක්වීම (Commenting) සහ බදාහැරිම (Sharing) යුද හමුදා සාමාජිකයන් විසින් නොකළ යුතු බවට ද යුද හමුදාපතිවරයාගේ නියෝගයේ සඳහන් වේ.
මෙම නීති උපදෙස් උල්ලංඝනය කරන සියලු හමුදා සාමාජිකයන් සමිබින්ධයෙන් විනයානුකූලව කටයුතු කරන බව ද යුද හමුදා මූලස්ථානය කියයි. යුද හමුදා සාමාජිකයන් මෙම නියෝග උල්ලංඝනය කරන්නැයි නිරීක්ෂණය කිරීමට, හඳුනා ගැනීමට යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී ඇතුළු කණ්ඩායමක් දැනටමත් පත් කර ඇති බව ද යුද හමුදා මූලස්ථානය කියයි. එම නිරීක්ෂණ කණ්ඩායම යුද හමුදා සාමාජිකයන් සමාජ ජාලා වෙබි අඩවි භාවිතා කිරිම සමිබීන්ධයෙන් නිරික්ෂණය කරනු ලබන බවද යද හමුදාපතිවරයාගේ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.