පාසල් සිසුවියකට ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනා  එල්ල වු පුද්ගලයකු ජාතික ළමා ආරක්ෂණ අධිකාරීයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික ධුරයකට පත්කිරීම් සම්බන්ධව එම අධිකාරීයේ නිලධාරීන් අතර දැඩි නොසන්සුන්තාවක් ඇති වී තිබේ.මෙම පුද්ගලයා 1983 වසරේදී උතුරු මැද පළාතේ පාසලක සිසුවියකට එම අපයෝජනය කර ඇති බව සඳහන්ය.

මෙම පුද්ගයාගෙන් අතවරයට ලක්ව ඇති බව

කියන්නේ නවවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවකි. එම ශිෂ්‍යාවන්ගේ පියා උතුරුමැද පළාතේ හිටපු ප්‍රබල දේශපාලනඥයෙකි. මෙම සිද්ධිය වන විටදී එම දේශපාලනඥයා මියගොස් සිට ඇත.

අපයෝජනයට ලක් වූ දරුවාගේ භාරකාරත්වය පැවරී ඇත්තේ දෙවන විවාහයේ බිරිදටය.එකල ඇය එම විද්‍යාලයයේ ගුරුවරියක් බව සඳහන් වේ.

මෙම පුද්ගලයා එම සිසුවිය පාසලේ වඩු කාමරයට කැඳවාගෙන ගොස් අතවර කර ඇති අතර,එය ඇසින් දුටු සිසුන් රැසක් තවමත් සිටින බවට ජාතික ළමා ආරක්ෂණ අධිකාරී ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ගුරුවරයාට එරෙහිව එකල එම පාසල් සිසුන් උද්ඝෝෂණයක්ද පවත්වා තිබේ.

අද මෙන් ළමා අපචාර සම්බන්ධව නීතිය තදින් නොපැවතීම නිසා ඔහුට එරෙහිව සිදුවී ඇත්තේ අධ්‍යාපන බලධාරීන්ගේ විමර්ශනයක් පමණක් බවද පැවසේ. මෙම පත්කිරීම සම්බන්ධව කාන්තා හා ළමා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගෙන්  කළ විමසීමකදී ඇය සඳහන් කර ඇත්ත‍ෙ '' මම නම් මුකුත් දන්නෑ..'' යනුවෙනි.