සම්මානනීය ගත් කතුවර ඇරැව්වල නන්දිමිත්‍රයන් අද 78 වන වියේදී අභාවප්‍රාප්ත විය. නවකතාකරුවෙකු, කෙටිකතාකරුවෙකු,යොවුන් සාහිත්‍යකරුවෙකු මෙන්ම ළමා සාහිත්‍ය නිර්මාණකරුවෙකු වශයෙන් කීර්තියක් හිමිකරගෙන සිටි ඔහු රාජ්‍ය, ස්වර්ණ පද්ම, විද්‍යෝදය, ගොඩගේ ඇතුළු සාහිත්‍ය සම්මාන රැසක් හිමි කරගත් අයෙකි.

කෙටිකතා රචනයෙහි විශේෂ දක්ෂතාවයක් දැක්වූ නිසාම ඔහු කා අතරත් ප්‍රකටව සිටි අයෙකි.
ප්‍රබන්ධ සාහිත්‍ය කලාවේ නව ශෛලීන් සහ රීතීන් රැසක් හදුන්වා දුන් නන්දි මිත්‍රයන් යථාර්තවාදී රීතියෙන් නිර්මාණකරණයේ යෙදීමට වැඩි රුචිකත්වයක් දැක්වූ සාහිත්‍යකරුවෙක් ලෙස හැදින්වේ.
 මල්දෙණියේ සිමියොන්, ගංතෙර තෙරණිය, සුද්දෝ සහ කොයින් මැණිකේ, සුදු කොඩි , පද්මාවතී, රත්තරන් නෙළුම් මල්, සෙනෙහෙලතා මැණිකේ, ගිණි සාය, පුංචි කුමාරිහාමි, ගම්බද කල්‍යාණි ආදී සාහිත්‍ය නිර්මාණ රැසක් දැයට තිළිණ කළ අතර ඒ ඇතැම්වා සිනමාවටද නැගිණි.