අයහපත් කාලගුණ තත්වය නිසා දිස්ත්‍රික්ක 13ක පවුල් එක්ලක්ෂ දසදහස් පන්සිය හැත්තෑ හයකට අයත් (110,576) පුද්ගලයන් තුන්ලක්ෂ පනස් හත්දහස් පන්සිය හතක් (357,507) පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම පිරිසෙන් දිස්ත්‍රික්ක 06කට අයත්  පවුල් එක්ලක්ෂ දසදහස් හාරසිය අසූ එකකට අයත් පුද්ගලයන් තුන්ලක්ෂ පනස් හන්දහස් විකසිය හතළිස් හතරක් පානීය ජල හිඟයකට මුහුණදී සිටිති. මීට අමතරව දිස්ත්‍රික්ක 05කර ඇති වූ අධික වර්ෂා තත්වය සහ තද සුළං නිසා පවුල් එකසිය විසිපහකට අධික ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇත.

නිවාස 78කට හානි සිදුව තිබෙන අතර,

කුඩා පරිමාණ ව්‍යාපාරික ස්ථාන 23කටද හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. වියළි කාලගුණ තත්වය නිසා දිස්ත්‍රික්ක 06ක ප්‍රාදේශීය ලේකම් කොටිඨාස 38ක සිදුකරන වගා කටයුතුවලටද දැඩි බලපෑම් එල්ල වී තිබේ.

 ප්‍රාදේශීය ලේකමි කොට්ඨාසයක් ලෙස වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නට පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව වන අතර, එම කොට්ඨාසයේ පවුල් 10,174කට අයත් පුද්ගලයන් 26,715ක්     පීඩාවට පත්ව සිටිති.  පොදුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 66,648කට අයත් පුද්ගලයන් 216,670ක් පීඩාවට පත්ව තිබේ.  මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 28,867කට අයත් පුද්ගලයන් 8,864ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 3,189කට අයත් පුද්ගලයන් 9,655ක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 250කට අයත් පුද්ගලයන් 990ක් මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 11,312කට අයත් පුද්ගලයන් 39,328ක් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 215කට අයත් පුද්ගලයන් 1815ක් පීඩාවට පත්ව ඇත.

මීට අමතරව තද සුළං නිසා ගමිපහ දිස්ත්‍රික්කයේ පවුල් 27කට අයත් පුද්ගලයන් 116ක්, කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 17කට අයත් පුද්ගලයන් 74ක්, කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 36කට අයත්  පුද්ගලයන් 163ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 16කට අයත් පුද්ගලයන් 69ක් සහ ජල ගැලීම නිසා මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 03කට අයත් පුද්ගලයන් 13 දෙනෙකු පීඩාවට පත්ව සිටිති.