ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මිග් යානා ගනුදෙනු වංචාවට සැකකරුාවකුව සිටියදී ලංකාවට නොපැමිණීම නිසා වරෙන්තු ලබා සිටි අතර ඔහු ඩුබායි ගුවන් තොටුපළේ කොටුවී ඇති බවට ලද ආරංචි අනුව 7 දෙනෙකුගෙන් යුත් පොලිස් හා නීතීඥ කණ්ඩායමක් ඩුබායි බලා ගියේ ඔහු අල්ලාගෙන
එන්නටය. මේ අතරවාරයේ උදයංග ඇප මත නිදහස ලබා තමාට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන නැති බවත් දැන් නිදහස්ව ඇති බවත් කියමින් ෆේස් බුක් පණිවිඩයක්ද තබන ලදි.
කෙසේ වෙතත් ඒ වනවිටත් ඩුබායි බලා පිටත්ව ගිය කන්ඩායමට එවැනි ආරංචියක් නොලද බව කියමින් ඔහු

අල්ලාගෙන එන බව දැන්වූවද ඊයේ වාර්තා වූයේ ඔවුන් හිස් අතින් යළි පැමිණ ඇති බවයි.
මිග් යානා ගනුදෙනු නඩුවේ සැකකරුවකුව අධිකරණය මගහැරීම් ගැන කරුණු දක්වා උදයංග වීරතුංග සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අධිකරණ නියෝගයක් මත ඔහු මෙරටට රැගෙන ඒම කළ යුතු බවත්
බුඩායි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මාරිගයෙන් එරට නීතිඥවරයකු මෙම අධිකරණ කටයුතු සඳහා යොදාගන්නා බවත් දන්වා තිබේ.
සැකකාර උදයංග වීරතුංග මහතා දැනට එම රටේම නැවතී සිටින අතර ඔහුට ඩුබායි රටින් පිටිතට යාමට නොහැකි වන පරිදි ඔහුගේ ගුවන් ගමන් බලපත්‍ර ජාත්‍යන්තර පොලිසිය බාරයට ගෙනතිබේ.