ඇමරිකාවේ නිල් චිත්‍රපට නිළියක ලෙස ප්‍රකට නමක් දිනූ  ස්ටෝර්මි ඩැනියෙල්ස් ජනපති ට්‍රම්ප් සමග අවස්ථා ගණනාවකදී යහන් ගතවූ බවට කටකතා පැතිරුනේ ට්‍රම්ප් ජනපති ධූරයට
තරග වදින වකවානුවේ සිටයි.
ඒ දිනවල ඇගේ අත්සන යෙදූ ප්‍රකාශයක් අන්තර්ජාලය පුරා පළව තිබුනේ ඇය එවැනි සබඳතාවයක් ට්‍රම්ප් සමග නොපැවැත්වූ බව කියමිනි.

නමුත් මෙම සංසිද්ධිය නැවතත් කරළියට ගැනීමට ඇමරිකාවේ ප්‍රකට රූපවාහිනී වැඩසටහනක් වන  “Jimmy Kimmel Live” පසුගියදා කටයුතු කළේ එම වැඩසටහනට  ස්ටෝර්මි ඩැනියෙල්ස් සහභාගී කරගනිමිනි.
එහිදී ඇය ට්‍රම්ප් සමග එකට සිටියා යන්න ප්‍රතික්ෂේප කර ප්‍රකාශයක් කළාද යන්න විමසීමේදී ඇය නෑ කීවාය. එසේ නම් ඔහු සමග එක්වුණාද කියා විමසූවිට නිහඩවූ අතර එයින් ඇය එය පිළිගත් බවත් ඇමරිකානු මාධ්‍ය පසුව වාර්තා කරන ලදි.
මෙම සම්බන්ධය ගැන තොරතුරු   යට ගැසීමට ඇයට ජනපතිවරණ සමයේ විශාල මුදලක් නීතීඥවරියක මාර්ගයෙන් ලබාදී තිබුණ බව වෝල් ස්ට්‍රිට් ජර්නල් පුවත්පත තහවුරු කර තිබුනි.