සුළි සුළං තත්වයක් නිසා පැසිෆික් සාගරයේ පිහිටි ටොංගා දිවයින්හි පාර්ලිමේන්තුව  බිමට සමතලා වී තිබෙයි.
පැයට කිලෝමීටර 200කට අධික වේගයෙන් හැමූ ගිටා නැමැති සුළි සුළඟ හේතුවෙන් දිවයින් 170කින් පමණ
සමන්විත ටොංගා රාජ්‍යයට විශාල හානියක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ නිසා නිවාස රැසක් විනාශයට පත්වී ඇති අතර, බොහෝ ප්‍රදේශවල විදුලිබලය ඇණහිට තිබෙනවා.
සුළි සුළඟින් විනාශයට පත් ටොංගා පාර්ලිමේන්තුව වසර 100කට වඩා පැරණි වන අතර, එය නැවත ඉදිකරන තුරු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව රැස් කිරීම ගැටළුවක් වී තිබෙනවා.
කාලගුණ අංශ සඳහන් කළේ ගිටා සුළි සුළඟ තවදුරටත් ප්‍රබල චණ්ඩ මාරුතයක් බවට පත්වී ෆීජි දිවයින් වෙතට ඇදෙන බවයි.