ශ්‍රී ලංකාව තුළ තවදුරටත් එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් කොට තිබීම අර්ථ ශුන්‍ය ක්‍රියාවක් යැයි උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥානම් මහතා යාපයේදී මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ප්‍රකාශ කොට තිබේ.
යුද්ධය අවසන් වී වසර අටකටත් වැඩි කාලයක් ගත වී ඇති මොහොතක

එම සංවිධානය තහනම් කොට තිබීම කිසිදු වැදගැම්මක් නැති ක්‍රියාවක් බව පවසන සභාපතිවරයා ඔවුන්ගේ සාමාජිකයන් අවි අතහැර දේශපාලනයට පවා පිවිස සිටින නිසා එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් කිරීම තේරුමක් නොමැති බව පවසා තිබේ.
 එල්.ටී.ටී.ඊ. සංවිධානය අවි ආයුධ අතටගෙන වුවත් අපේක්‍ෂා කළේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට
උත්සාහ කිරීම බව පෙන්වා දෙන උතුරු පළාත් සභාවේ සභාපතිවරයා උතුරේ දෙමළ දේශපාලනඥයන්ගේ උත්සාහයට හා සමාන එහි වරදක් තමාට නොපෙනෙන බවද කියයි.
අත්අඩංගුවේ හා බන්ධනාගරගතව සිටින එල්ටීටීඊ සාමාජිකයින්ට මෙම තහනම නිසා ඉදිරි නීතිමය කටයුතු වලදී බාධා ඇතිවන නිසා මෙම තහනම ඉක්මනින් ඉවත් කර දෙන ඔහු ඉල්ලා සිටී.

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ