ටෙලි නළු ධනංජය සිරිවර්ධනගේ බිරිය ශෂිනි ගැන බොහෝ අය හඳුනන්නෙ ඇය විවිධ රූපවාහිනී වැඩසටහන් වලට පැමිණෙන නිසයි.ඔවුන් විවාහ දිවියට ඇතුළත්වූ නමුත් එකම තැනක පදිංචිව සිටින්නට කාලය අඩු විය.
ඇය විදේශ ගතව සේවය කරමින් සිටි නමුත් පසුගිය වසරේ එම සේවයෙන් ඉවත් වුණා.
හෝකන්දර ප්‍රදේශයේ නව නිවසක් තැනූ ධනංජය - ශෂිනි දැන් එකම තැනක කාලය ගත කරනවා. ගායනය
හා නර්තයට උපන්

හැකියාව ඇති ශෂිනි මේ දක්වා කලාවට සම්බන්ධව සිටියේ නැති නමුත් මුල්වරට මියුසික් වීඩියෝවකින් රසිකයින් අතරට පිවිසෙන්න සූදානම් බවට ආරංචි ලැබෙමින් පවතී.
"දෑස මානේ " නමැති මෙම ගීතය ඇය ගායනා කරන අතර රංගනයෙන්ද දායක වනවා.
 මෙම මියුසික් වීඩියෝව ධනා ප්‍රඩක්ෂන් වෙනුවෙන් නිෂ්පාදනය කරන්නෙ ධනංජය සිරිවර්ධන. "දෑස මානේ" හි ගී පද සහ සංගීතය උදය ශ්‍රී ගේ. කැමරා අධ්‍යක්ෂණය රංග එස් බණ්ඩාර ගේ. සංස්කරණය හසිත ජයසංක ගේ. මේ වීඩියෝව අධ්‍යක්ෂණය කරන්නෙ චාමර කාලෝ . මියුසික් වීඩියෝව ලබන 28 වැනිදා එළිදක්වන්න නියමිතයි.
පහත පළවන්නේ එහි ට්‍රේලරයකි.