ශිෂ්‍ය නායකයන් සිරගත කර සයිටම් හොර උපාධි කඩයට නීත්‍යනුකූලභාවය ලබා දීමට ආණ්ඩුව සිතුවද, සයිටම් නැතත් වෙනත් නම් වලින් එම ක්‍රියාවලියම හිස ඔසවන බවද ඒ සියල්ල  අහෝසි කරන තෙක් සිසු  අරගල ක්‍රියාත්මක කරන බව අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය සඳහන් කරයි.

ආණ්ඩුවේ මර්දනයට හෝ සිරගත කිරීම්වලට. බිය වී ශිෂ්‍ය අරගල අතරමග නවතා නොදමන බවද එම සංගමයේ වැඩබලන කැඳවුම්කරු පූජ්‍ය   රත්කරව්වේ ජිනරතන හිමියෝ අවධාරණය කළහ. නීතිවිරෝධී
ආකාරයට ගැසට් කර තිබෙන වෛද්‍ය අධ්‍යාපනයේ

අවම ප්‍රමිතිය අහෝසි කරන ලෙස සහ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා ඊයේ (20දා) සයිටම් විරෝධී සිසුන පෙරමුණ විසින් සංවිධානය කරන ලද විරෝධතා රැලියේදී මේ බව සඳහන් කළ උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ, නිදහස් සෞඛ්‍යයත්, නිදහස් අධ්‍යාපනයත් රැක ගැනීම සඳහා සියලුම ජනතාව ඒකරාශී විය යුතු බවයි.
                                                                                  
සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරීපිට සිට වෛද්‍ය පීඨ ශිෂ්‍යයෝ, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, ශිෂය භික්ෂූහු හා වෘත්තීය සමිති නියෝජිතයෝ කොළඹ කොටුව දක්වා විරෝධතා පාගමනක්ද පැවැත්වූහ.
විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීම වැළැක්වීම සඳහා ලෝටස් පාරේ චෛත්‍ය අසල දී මාර්ග බාධක යොදා සවස 3.00 සිට පැය කිහිපයක් ලෝටස් පාර වසා දැමිමට පොලීසිය කටයුතු කළේය.
විරෝධතාකරුවෝ කොටුව දුම්රියපළ ඉදිරිපිටට ගොස් විරෝධතා රැලිය පැවැත්වූහ.