අඟහරුවාදා සංශෝධනයේදී
ඇමතිකං ගැන කටකතා

ලබන අඟහරුවාදා සිදුවීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේදී සිදුවිය හැකි වෙනස්කම් ගැන මේ වනවිට කටකතා පැතිරෙමින් පවතී.
 ඒ අනුව ඊයේ ඉල්ලා අස්වූ සාගල රත්නායකගේ නීතිය හා සාමය අමැති තනතුර හා මංගල සමරවීරගේ මුදල් ඇමති ධූරය ජනපති යටතේම
තබාගැනීමට

හෝ ශ්‍රීලනිප ඇමතිවරයෙකු යටතට පත්කිරීම සිදුවන්නට නියමිතය.
ජනපති පවරන්නේ නම් නිතිය හා සාමය ඇමැතිධුරය ජෝන් සෙනෙවිරත්නට පවරන්නට නම යොජනා වී ඇත.
ඇමති ධූරය අහමිකරගත් සාගලට විදුලි බල හා බලශක්ති ඇමැතිධුරයට යෝජනා කර තිබේ.
එසේම ජනමාධ්‍ය හා අධිකරණ අමාත්‍යාංශ අජිත් පී පෙරේරාට ලබා දීමට යොජනා වී ඇත.
මංගල සමරවීර මහතාට යළි විදේශ ඇමැතිධුරය පමණක් ලබා දීමටත් යෝජනාවී තිබේ.