හංවැල්ල, වග ප්‍රදේශයේ පෙරපාසලකට යන තම දියණිය දිවා ආහාරයට කඩල කෑම ප්‍රතික්‍ෂේප කළා යැයි පෙරපාසල් ගුරුතුමිය විසින් කළුවර කාමරයක සිර කර තබා අමානුෂික ලෙස පහර දීම නිසාවෙන් තුවාල ලැබූ
තම දියණිය

පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කළ බව පහර කෑමට ලක් වූ පෙරපාසල් දියණියගේ මව විසින් හංවැල්ල පොලීසියට පැමිණිල්ලක් සිදුකරතිබේ. මෙම පහරදීම හේතුවෙන් තම දියණිය වන 4 හැවිරිදි “හිමිදි හිරණ මෙන්ඩිස්”ගේ කන තුවාල වී ඇති බවත්, පාදයේ තැවීම් පහරවල් දකින්නට හැකි බවත් කළුවර කාමරයක සිර කර තැබීම නිසාවෙන් බියට පත්වී දියණිය පෙරපාසල් සෑම ප්‍රතික්ෂේප කරන බවත් පැමිණිල‍්ලේ සඳහන්ය.
සිඟිත්තියගේ මව වන ඉෂාරා ගයනි(24) මහත්මිය ඒ පිළිබඳව මෙසේ කියා තිබේ.
"අපේ ගමේ තියෙන මේ පෙරපාසලට දුව වසරකට වැඩි කාලයක සිට යනවා. එයා පහුගිය සිකුරාදා දින පෙරපාසලේ දිවා ආහාරය සඳහා රැගෙන ගියේ කඩල තමිබලයි. එහිදී දුව එම කඩල කෑම ප්‍රතික්‍ෂේප කරලා තියෙනවා. පසුව පෙරපාසලේ මුල් ගුරුතුමිය විසින් දියණියට කඩල කන ලෙස බල කර තිබෙනවා. ඇය ඒ අවස්ථාවේදී ද කඩල ආහාරයට ගෙන නොමැති නිසා ඒ ගුරුතුමිය විසින් අමානුෂික ලෙස දුවගේ කනට සහ පාදයට පහරදී කළුවර කාමරයකට දමා සිර කරලා. ඒ නිසා ආයෙ පෙරපාසල් යන්න බෑ කියලා දුව මා එක්ක කිව්වා. පසුව අපි ඇයව පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කළා. ඇය තවමත් එහි ප්‍රතිකාර ලබනවා.
මේ සම්බන්ධයෙන් අපි ජාතික ළමා ආරක්‍ෂක අධිකාරීයවත්, හංවැල්ල පොලිසියටත් පැසලි කර තිබෙනවා” හංවැල්ල පොලිසියේ උසස් නිලධාරීයකුගෙන් මේ පිළිබඳව කළ විමසීමේදී පැවසුවේ අදාළ පැමිණිල්ල  සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම කැඳවා පැමිණිල්ල විභාග කර තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග අවශය නම් අදාළ නීතිමය කටයුතු ඉදිරියේදී සිදු කරන බවයි.