ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිඤ්ඤගේ මහතා පුවත්පතක් වෙත ලබාදී තිබෙන සම්මුඛ සාකච්ඡාවකදී පහත අදහස් පළ කර තිබේ.


‘අද වෙද්දී සුලභව දැක ගත හැකි දෙයක් තමයි වැගන් ආර් වැනි ජනප්‍රිය වාහන ප්‍රධාන වෙබ් අඩවි හා පුවත් දැන්වීම් හරහා සාමාන්‍ය වෙළෙදපොළේ පවතින මිලටත් අඩුවෙන් විකුණන්නට දමා තිබීම. මෙය වංචනිකයින්
විසින්ම ලබාදෙන ප්‍රචාරයක්.

අලෙවි වෙළෙඳපොලේ වැඩි අලවියන් සහිත වාහනයක් පවතින මිලට අඩුවෙන් විකුණලා පාඩු විඳින්න වාහන වෙළදුන් කිසිවිටක පෙළඹෙන්නෙ නැහැ. ඒ නිසා මෙවැනි අවස්ථාවල දී බොහෝ විට සිදුවන්නේ විවිධ වංචනික පුද්ගලයන් මුලින් තමන්ට සිදුවන පාඩුව දරාගන්න වාහන තුන හතරක් අඩු මිලට අලවි කරලා එයින්
ගොඩනැගෙන විශ්වාසය මත තවත් පිරිසක් එක්රැස් කරගැනීමයි. ඔවුන් වංචාව සිදුකරන්නේ දෙවනුවයි. පසුව ඔවුන් එම පිරිස රවටා වාහන සඳහා අත්තිකාරමී මුදල් රැගෙන පලායාම සිදු කර තිබෙන බව අපට වාර්තා වුණා.
පසුගිය කාලයේ මේ කියන වංචනික කටයුතු අප සංගමයට රටපුරා විවිධ ප්‍රදේශවලින් විශාල වශයන් වාර්තා වුණා. ප්‍රධාන වශයෙන් මෙවැනි සිදුවීම් නිසා පාරිභෝගිකයන්ට පාඩු විදීමට සිදුවනවා. අනෙක අතට වංචාකාරි වාහන වෙළඳුන්ගෙත් විශාල අපහසුතාවලට මුහුණදීමට සිදු වනවා.
තවත් සමහර අය වාහන ගෙන්වාදීමේ පොරොන්දුව මත අත්තිකාරම් මුදල් ලබාගෙන, වාහන වරායට ගෙන්වු පසු විවිදාකාර බොරු බොරු හේතූ කියලා පොරොන්දු වූ මුදලටත් වඩා වැඩි මුදලක් පාරිභෝගිකයන්ගෙන් ලබාගන්නවා. අවසානයේ වෙළෙඳපොලේ වාසි මිලක් පාරිභෝගිකයට ලැබිල නෑ.‘