නුවරඑළිය- හැටන් මාර්ගයේ ලිඳුල, බෙයාවේල්
ප්‍රදේශයේදි වාහනයක් පාරෙන් ඉවතට විසිවී අඩි 200 ක පමණ ප්‍රපාතයක පිහිටි කොත්මලා ඔයට වැටීමෙන් පසු තරුණ යුවළක් මියයාමේ සිද්ධියට අදාළ පරීක්ෂණ අනුව සිද්ධියෙන් මියගිය ගම්පහ,
නැඳුන්ගමුව ප්‍රදේශයේ

පදිංචි හලාවතගේ පියුමිශාන් ප්‍රසාදි පෙරේරා (24) නැමැති අවිවාහක තරුණියට එම වාහනය හිමිව තිබී ඇති බව අනාවරණය වේ.
එම අනතුර සිදුවන අවස්ථාවේ ඇය රථය ධාවනය කරමින් සිට ඇති බවද අනාවරණය වේ.
ඇය ගම්පහ සමූපකාර සමිතියේ සේවය කරමින් සිටි අතර ඇගේ කාර්යාලයේම සේවය කරන දෙදරු පියෙකු වූ වසන්ත රජිත්චන්ද්‍ර වනසිංහ (34) සමග මෙම ගමන ගොස් ඇත්තේ නුවර එළිය වෙත බවටසැක කෙරේ. කෙසේ වෙතත් ඇය සිය නිවසට පවසා ඇත්තේ මළගෙදරක ගොස් එන බවයි. අනතුරට ලක්වූ වාහනයේ තිබී කුඩා දරුවන් පළඳින ‘පැම්පර්‘ පාර්සලයක්ද හමුවූ බව පොලිසිය වාර්තා කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.