ලිඳුලදී වාහනේ ඔයට පෙරළී මියගිය යුවළ
දෙන්නම එකම ඔෆිස් එකේ

තරුණයා දෙදරු පියෙක්

ඊයේ රටේ විශේෂ අවධානයක් දිනාගනිමින් නුවරඑළිය- හැටන් මාර්ගයේ ලිඳුල, බෙයාවේල් ප්‍රදේශයේදි වාහනයක් පාරෙන් ඉවතට විසිවී අඩි 200 ක පමණ ප්‍රපාතයක පිහිටි කොත්මලා ඔයට වැටීමෙන් පසු තරුණ යුවළක් මියයාමේ සිද්ධිය පිළිබඳ විවිධ ආරංචි මේවනවිට පැතිර තිබේ.
මෙම අනතුරින් මියගිය 24 හැවිරිදි තරුණිය
අවිවාහක කාන්තාවක වන අතර තරුණයා අවුරුදු 34 ක් වන විවාහක දෙදරු පියෙකි.
මේ දෙදෙනාම එකම කාර්යාලයක සේවය කරන දෙදෙනෙකි. ඊයේ (18)

සවස මෝටර් රථය පාරෙන් ඉවතට පැන අඩි 200 ක පමණ ප්‍රපාතයක පිහිටි කොත්මලා ඔයට පෙරළීයන අවස්ථාවේ වාහනයේ සිරවී සිටි මේ දෙදෙනාම එම ස්ථානයේදී මියගිය අතර පොලිසිය මුලදී හැඳුනුම්පත මගින් කාන්තාවගේ අනන්‍යතාව හඳුනාගත් නමුත් පිරිමි පුද්ගලයාගේ හැඳුනුම්පතක් හමුවූයේ නැත.
කෙසේ වෙතත්  මිය ගිය පිරිමි පුද්ගලයා අද(19) ඔවුන්ගේ ඥාතීන් විසින් හඳුනාගෙන තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ යක්කල, කිරිඳිවැල පාරේ පදිංචි වසන්ත රජිත්චන්ද්‍ර වනසිංහ (34) නැමැති දෙදෙරු පියෙකි.
මින් ඉහත ගම්පහ, නැඳුන්ගමුව ප්‍රදේශයේ පදිංචි හලාවතගේ පියුමිශාන් ප්‍රසාදි පෙරේරා (24) නැමැති තරුණිය පොලිසිය හඳුනාගෙන තිබුණි.
මෙම දෙදෙනාම ගම්පහ සමුපකාර සමිතියේ, මුදුන්ගොඩ කාර්යාලයේ සේවය කරමින් සිටි බව පැවසේ.
තරුණිය කළමණාකාර සහකාරවරියක් ලෙස හා මියගිය තරුණයා එම කාර්යාලයේම කේෂ්ත්‍ර නිලධාරිවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී මේ ගමන ගොස් එද්දී අනතුරට පත්ව ඇත.

මිය ගිය අයගේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය අද (19) නුවරඑළිය මහ රෝහලේදී සිදු කිරීමට නියමිතව පැවැතිණි.

(මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)