'2018 සිත ඔලිම්පික්‘උලෙළ අද (9) දකුණු කොරියාවේ යොන්ඩෙග් නුවරදී ආරම්භ වීමට නියමිතය.
මෙහිදී වඩාත් කතාබහට ලක්ව ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් අසාදු ලේඛන ගත කර තිබෙන උතුරු කොරියාව මෙම උළෙලෙ සිදු කරන කටයුතු පිළිබඳවයි.

මෙම උළෙල තමන්ගේ සහෝදර රටේ පැවැත්වීම කරණ

කොටගෙන කිම්ජොන් උන් උතුරේ නායකයා දකුණ සමග සුහදශීලී කටයුතු ඇරඹූ අතර ඒවාට ලැබෙන පිළිගැනීම මත අනාගත දේශපාලන කටයුතු සිදුවන බව විචාරකයින්ගේ අදහසය.
උළෙලෙහි ක්‍රීඩා ඉසව් 5 ක් සඳහා උතුරේ කණ්ඩායම් සහභාගී වන අතර උළෙල වර්ණ ගන්වන ඔල්වරසන් කාන්තා හමුදාවක්ද උතුරින් එවා තිබුණි. මීට ටික දිනකට පෙර උතුරේ ඔලිම්පික් නියෝජිතයින්ට දකුණේ උත්සවයට එක්වීමට අවසරය එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබාදුන්නේ එම නම් අසාදු ලේඛනයෙන් ඉවත් කරමිනි.
 උලෙළ සමාරම්භක අවස්ථාවට උතුරු කොරියා නායක කිම් ජොන් උන් ගේ නැගණිය කිම් යෝ ජොන්ට සහභාගී  කරවන්නට නායක කිම් ජොන් උන් උත්සාහ කළේ ඇයව තුන් දින සංචාරයක් සඳහා දකුණට එවමිනි. එම අවස්ථාවේ දකුණේ නායකයා ඇයව සාදරයෙන් පිළිගෙන තිබුණ අතර ඇයට අවසර දෙන්නැයි දකුණු කොරියානු රජය ඊයේ (8) එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්ද කරන ලදි.
එක්සත් ජාතින්ගේ සංවිධානය උතුරු කොරියානු බලධාරීන් රැසක්ම අසාදු ලේඛන ගතකර ඇති අතර විදේශ සංචාර කළ නොහැකිය.