ඉන්දියානු බ්‍රැන්ඩික්ස් ඇඟළුම් තරුණියකට 
අතවර කළැයි සැකපිට
ශ්‍රී ලාංකික GM රිමාන්ඩ්

ඉන්දියාවේ විශාකාපට්නම් හි බ්‍රැන්ඩික්ස් පෞද්ගලික ඇගලුම් කර්මාන්ත ශාලාවක
සේවිකාවකට ලිංගික අතවර සහ හිංසා කළේ යැයි සැකපිට එහි සේවය කළ ශ්‍රී ලාංකික ප්‍රධානියෙකු ඇතුළු දෙදෙනකු ඉන්දිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් ප්‍රවෘත්ති සේවය ඊයේ (20) වාර්තා කළේය. එම්, දිලිප් පිංටෝ නම් 55 හැවිරිදි
ශ්‍රී ලාංකිකයකු

සහ  ශ්‍යාම් සුන්දර් නමැති තිස්
හැවිරිදි ඉන්දීය ජාතිකයකු මෙසේ අත්අඩංගුවට
ගෙන ඇති බවත් ශ්‍රී ලාංකිකයා එම ඇඟලුම් කම්හලේ සාමාන්‍යධිකාරිවරයා ලෙස සේවය කරමින් සිටි අයෙකු බවත් දැක්වේ. ඉන්දීය ජාතිකයා එහි විධායක නිලධාරියකු බවත් එම වාර්තාවේ සඳහන් වේ.
මොවුන් දෙදෙනා අතින් ලිංගික අතවරයට සහ හිංසාවට ලක් වී ඇතැයි සැක කරන්නේ විශාකපටීනම් හි මල්කාපුරම් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවකි. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇය මීට දින කිහිපයකට පෙර පොලීසියට පැමිණිලි කර ඇති අතර එම පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ පොලිසිය ඒ සම්බන්ධ මූලික පරික්‍ෂණ අවසන් කිරිමෙන් පසුව ඉකුත් 18 වැනිදා රාත්‍රී මෙම ශ්‍රී ලාංකිකයා සහ ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගත් බවද  පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.
පුවත්පත් වාර්තාවේ උපුටනය පහතින්