ධම්මික පෙරේරා අද ලංකාවට ගෙනා 
කෝටි 16 හෝල්මාර්ක් කාර් එක

සුප්‍රකට ශ්‍රී ලාංකික ව්‍යාපාරික ධම්මික පෙරේරා සිය පුද්ගලික පරිහරණය පිණිස අද ලංකාවට රුපියල් මිලියන 160ක වටිනාකමකින් යුත් ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථයක් ආනයනය කර තිබේ.
ආනයන බදු ද ඇතුළත්ව මෙම මෝටර් රථයේ මිල ආසන්න වශයෙන් රුපියල් මිලියන 160ක් වන අතර දකුණු ආසියාවේ
හෝ මැද පෙරදිග කලාපයේ පුද්ගලයකු

‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථයක් ආනයනය කළ පළමු අවස්ථාව මෙය විය හැකි බව ද පැවසේ.
‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මෝටර් රථය එච්.ජේ. මුලිනර් සමාගම සහ බෙන්ට්ලි මෝටර් රථ සමාගම නිෂ්පාදනය කෙරූ සීමිත මෝටර් රථ වර්ගයකි. මුලිනර් සමාගම ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථ 50ක් නිෂ්පාදනය කර ඇති අතර එම මෝටර් රථ 50ම එකිනෙකට වෙනස් බව වාර්තා වේ.
ධම්මික පෙරේරා මහතා මිලදී ගෙන ඇත්තේ එම මෝටර් රථ මාදිලියේ අවසන් මෝටර් රථයයි.
ලොව මිල අධිකම තනි මෝටර් රථ මාදිලිය වන ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ යන්ත්‍ර මගින් නොව මුළුමණින්ම එකලස් වනුයේ මිනිස් අතිනි. රථ සියල්ලම එකිනෙකට ආවේණික ලක්ෂණවලින් සමන්විත වන අතර නිර්මාණය සඳහා මිල අධික ලෝහ , රන් හා රිදී ආලේපන යොදාගනී.