ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය පිළිබඳ රටේ ප්‍රධාන මාතෘකාව යටපත් කරමින් පසුගිය පැය 48 ඇතුළත අධිපතිවාදී මතවාදය ජනතා මනසේ තැන්පත් කිරීමට ආණ්ඩුව සමත් වූ බව එක්සත් ජනතා නිදහස්
සන්ධාන

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද(14දා) පැවසීය.

තනි අලි ආණ්ඩු හා රනිල් වික්‍රමසිංහ මහතා  නොමැති ආණ්ඩු ගැන කතා කිරීම නිර්මාණශීලී සැලැස්මකට අනුව සිදුවුණු බවත්,මැතිවරණයට පෙර ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා පැවසූ ආකාරයට මෛත්‍රී-රනිල් එකමුතු ආණ්ඩුවක් පිළිබඳ උණුසුම් ප්‍රවෘත්තිය අද සවස 5.00ට බලාපොරොත්තු විය හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙම නාඩගම රඟදැක්වීම සඳහා අද සවස පහට තිරය විවෘත කිරීමට තුන්වැනි සීනුව වදිනු ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය. බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළවිය.