වෛද්‍යවරයකුට අයත් පොල් වත්තකට ඇතුළු වී එහි තිබූ පොල් සොරකම් කළ බව කියන පාසල් ගුරුවරයතු අත්අඩංගුවට ගත් බව වරකාපොල පොලීසිය කියයි. වයඹ පළාතේ රජයේ රෝහලක සේවය කරන

වෛද්‍යවරයකුට අයත්

පොල් ඉඩමකට ඇතුළු වී විකිණිම සඳහා ගොඩ ගසා තිබූ පොල් ගොඩකින් පොල් ගෙඩි 40ක් අදාළ සැකකාර ගුරුවරයා සොරකම් කර ඇති බව පොලීසිය පවසයි. වරකාපොළ පොලිස් වසමට අයත්  වෙනිවැල්ලකඩුව ප්‍රදේශයේ මෙම වෛද්‍යවරයාට අයත් පොල් ඉඩමෙහි අස්වැන්න නෙළා එය අලෙවි කිරිමට සූදානම් කර ඉඩමේ කෙළවරක ගොඩගසා තිබියදී සැකකාර ගුරුවරයාද සමග තවත් දෙදෙනකු පැමිණ පොල් සොරකම් කරගෙන යන අකාරය පොල් මිලදි ගැනීමට පැමිණි ව්‍යාපාරිකයා දැක ඇත.
පසුව මේ බැව් ව්‍යාපාරිකයා අදාළ වෛද්‍යවරයාට පැවසීමත් සමගම උරණ වූ වෛද්‍යවරයා මෙම සොරකම සම්බන්ධයෙන් වරකාපොළ පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලීසිය සැකකාර ගුරුවරයා අත්අඩංගුවට හෙන තිබිණ. වරකාපොළ පොලිසියේ සුළු පැමිණිලි අංශයේ උප පොලිස් පරික්ෂක ආරියරත්න, ශාන්ත, පො.සැ. කුරුවිට යන නිලධාරීහු වැඩිදුර පරික්‍ෂණ සිදුකරති.

(වරකාපොල රුවන් පතිරණ සහ කෑගල්ල ජයරත්න විල්ලර)