මේ වනවිට පවතින දේශපාලන අස්ථාවරය සමනය කිරීම පිළිබඳ විකල්ප කිහිපයක් පවතින නමුත් සිද්ධවන්නට යන්නෙ යහපාලන රජය 2020 වනතුරු මේ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යන බව යයි
නි.අමාත්‍ය අශෝක අබේසිංහ පවසනවා.

ජනාධිපතිතුමා සමඟ ඊයේ පැවති සාකච්ඡාවකින් පසුව ඇතිවූ එකඟතාවයකට අනුව මෙම තීරණය ගෙන ඇති බව ඔහු කියා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් විය හැකි බවත් එසේ ඉවත් වන ඇමතිවරුන්ගේ අමාත්‍යධූර සඳහා නව ඇමතිවරුන් පත් කරන බවද අශෝක අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

මේ අතර දේශපාලන ආරංචි පවසන්නේ යහපාලන රජය පොරොන්දුවූ පරිදි ඇමතිනරු සංඛාව 30 දක්වා අඩුකර ගෙනයන බවත් ඉදිරියේදී ප්‍රබල ඇමතිකම් රැසක් අගමැතිට හා ජනපතිට පැවරෙනු ඇති බවයි.

ඒ අනුව ඉදිරියේදී කැබිනට් සංශෝධනයක්ද සිදුවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා. මේ පිළිබඳව ජනාධිපතිතුමා අද විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතයි.