ජනාධිපති සිරිසේන මහතා මරණයට පත්වන දිනයක් සඳහන් කරමින් අන්තර්ජාලය ඔස්සේ නිර්මාණාත්මක විඩියෝ පට ප්‍රචාරය කර, රට වැසියන් අතර අසන්තෝෂයක් හා විරුද්ධත්වයක් ඇතිවන අයුරින් කටයුතු කළහැයි ජෝෂාතිෂවේදී විජිත රෝහණ විජේමුණි මහතාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තෙමින්තුව වෙත ඊයේ (12) නියෝග කළේය. මෙම සිද්ධියට අදාළව මෙතෙක් පැමිණිල්ලක් ගොනු කර නොමැති බැවින් ඊළඟා නඩු
දිනයේදී සැකකරුට එරෙහිව චෝදනා ගොනුකරමින් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසට මෙම සිද්ධිය ඊයේ (12) කැඳවූ අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා පැවසීය. මෙම විමර්ශනයට අදාළව 2007 අංක 24 දරන " පරිගණක අපරාධ පනතේ 06 වන වගන්තිය පුකාරව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ

එවක ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙටිටිආරචිචි මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය බී. වාර්තාව මහින් අධිකරණයට දැනුම් දී තිබිණි. එසේම, ඒ මහතාගේ ප්‍රකාශයෙන් ද අනාවරණය වී ඇත්තේ මෙම විඩියෝ පටය
නැරඹීම තුළින් ශ්‍රී ලාංකික ජනතාව තුළ මහත් කැලඹිමක් හා කනස්සල්ලක් ඇතිවී ඇති බවට බුද්ධි තොරතුරු තුළින් අනාවරණය වි ඇති බව ද රහස් පොලීසිය වැඩිදුරටත් සඳහන් කර ඇත. එසේම, මෙම සිද්ධියෙන් අසන්තෝෂයට පත් වූ විවිධ පුද්ගලයන් 24 දෙනකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති බවත් තවත් පුද්ගලයන්ගෙන් සාක්ෂි සටහන් කර ගත යුතුව ඇති බවත් රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සිද්ධියට අදාළ සැකකරු රූපියල් 10,000/- ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඉතුත් 2017 වසරේ පෙබරවාරි මස 01 වැනිදා අධිකරණය විසින් මුදාහරිනු ලැබීය. මුහුණු පොත සමාජ ජාල වෙබ් අඩවියේ විජිත රෝහණ විජයමුණි විසින් පවත්වාගෙන යන ජීවදත්ත පිටුවක ජනාධිපතිවරයා මියයන බවට ප්‍රචාරය කරමින් ඉකුත් වසරේ සැප්තැම්බර් මස 04 වන දින හා මේ වසරේ ජනවාරි මස 18 වන දින විධියෝ පට 2ක් සැකකරු විසින් අන්තර්ජාලයට නිකුත් කර ඇතැයි අංක 63 / සී, තුන්වන පටුමග, අබේරත්න මාවත, බොරලැස්ගමුව පදිංචි ජනාධිපති මාධ්‍ය ඒකකයේ යකුපිටි සමීර ද සිල්වා මහතා විසින් මෙම පැමිණිල්ල රහස් පොලීසිය වෙත කර තිබිණි. සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන මාර්තු මස 15 වැනිදා තෙක් කල් තැබිණි.