ගුරුවරිය ලවා බලහත්කාරයෙන් වාසි ප්‍රකාශ ගත්තා
ඒවා හෙළිවන තුරු

පළාත් අධ්‍යාපන ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙමි
- මහ ඇමති චාමර සම්පත්


ඌව පළාත් මහඇමති ධූරයට අමතරව අධ්‍යාපන ඇමැති ධූරය දරන ලද  චාමර සම්පත් දසනායක  පළාත් අධ්‍යාපන ඇමැති ධූරයෙන් අද (21) වෙනි දින ඉල්ලා අස්විය. බදුල්ලේ දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියව  සිය නිවසේ දී දණගැස්වීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක පුවතට අදාළව පැනනැගි ගැටලුව නිරාකරණය වනතුරු ඔහු ඉල්ලා අස්වන බවදන්වා ඇත. මහ ඇමතිවරයා එසේ කළේ නැතැයි තවමත් කියා සිටින අතර
විදුහල්පතිනියද මුලින් එවැන්නක් සිදුනොවූ බව කියා පසුව කියා සිටියේ බලපෑම් මත තමා බොරු කී බවත් එවැන්නක් සිදුවූ බවත්ය. මෙය දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස මහ ඇමතිවරයා දැන් හඳුන්වන අතර ඒ පිළිබද නිසි පරික්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය වටා පිටාව සකස් කරදිම සඳහා තමන් අධ්‍යාපන ඇමැති ධූරයෙන්(මහ ඇමති ධූරය නොවේ) ඉල්ලා අස්වන බව  ප්‍රධාන ඇමැති කාර්යාලයෙ දි පැවැති මාධ්‍ය හමුවේ දි ඔහු දන්වා සිටියේය.
 ඉල්ලා අස්වීමේ ලිපිය පළාත් ආණ්ඩුකාර එම්.පී.ජයසිංහ මහතාවෙත භාරදිමට ලේකම් වරුන්ට උපදෙස් ලෙද ලදි.
එම අවස්ථාවේ ප්‍රධාන ඇමතිවරයා මෙසේ කියා තිබේ.

‘මැතිවරණයක් පැවැත්විමට කටයුතු යොදා තිබියදි දේශපාලන වාසි ලබා ගැනිමට ජනතා විමුක්ති පෙරමුන විසින් වැරැදි මතයක් ජනතාව අතරට ගෙන යනවා.මේ වන විට දෙමල බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය මෙම ප්‍රචාරක කටයුතු නිසා දැඩි අපහසුතාවයට පත්වි තිබනවා. ඒ පිළිබදව අධික්ෂණය කිරිම සදහා පළාත් අධ්‍යාපන ලේකම් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා මෙම විද්‍යාලයට ගිය අවස්ථාවේ දි පාර්ලිමේන්තු මන්ත්‍රි වරයෙක් එම විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුල්වි මෙම විදුහල් පතිතුමියගෙන්
බලහත්කාරයෙන් මාධ්‍යයට ප්‍රකාශන ලබාගෙන තිබනවා.මැතිවරණයක් පැවැත්වෙන මේ කාලය තුලදි පළාත් පාසැලකට එසේ ඇතුල්වි තර්ජනය කිරිම මැතිවරණ නීති උල්ලංඝනය කිරිමක්.මේ සිද්ධි මගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කිරිම සදහා මගේ දේශපාලන ප්‍රතිවාදින් විසින් ගෙන යන අසත්‍ය ප්‍රචාරය පිළිබදව පොලිස් පති තුමාට පැමැණිළි කර තිබනවා.මාගේ චරිත ඝාතනයට වන්දි ලබාගැනිම සදහා ඌව පළාත් සභාමන්ත්‍රි සමන්ත විද්‍යාරත්න,වර්ෂමාන සහ හපුගොඩ යන උදවියට එන්ත්‍රවාසි නිකුත් කරතිබනවා. යහපාලන ආණ්ඩුවේ යහපාලන ප්‍රතිපත්ති වලට ගරු කරමින් මේ අවස්ථාවේ අදාල සිද්ධිය පිළිබදව ස්වාධිනව පරික්ෂණ කිරිමට ඉඩ ලබාදෙමින් මම අධ්‍යාපන ඇමැති කමින් ඉල්ලා අස්වෙනවා.‘




වාර්තාව හා ඡායාරූප - වජිර උමගිලිය