එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි මහ සමුළුව අද (07දා) පෙරවරු 9ට බොරැල්ල කැම්බල් පිටියේදී එජාප නායක. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

යහපාලන රජය යටතේ

එක්සත් ජාතික පක්ෂය ගතවූ තෙවසරේදී ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක කළ කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන සැලසුම්ද 2020 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත මහ පරිමාණයේ සැලසුම් පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව සිරිකොත එ.ජා.ප. මූලස්ථාන ප්‍රකාශකයෙක් මාධ්‍යට පැවසීය .

මෙවර පළාත් පාලන මැතිවරණයට එ.ජා.ප.යෙන් ඉදිරිපත්ව සිටින සියලුම අපේක්ෂක කණ්ඩායම්, ශාඛා සමිති, තරුණ හා කාන්තා සමිති, යොවුන් පෙරමුණ, ලක්වනිතා සංවිධානය ඇතුළු එ.ජා.ප.යේ සමිති, සංවිධාන නියෝජිතයන් විශාල පිරිසක් මේ සමුළුවට සහභාගි වීමට නියමිතය.
මෙහිදී එ.ජා.ප. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා පැවැසීය.