මෑතකදී ක්‍රියාත්මක කළ තීරණ කිහිපයක් නිසා ත්‍රීරෝද රථ ලියාපදිංචි සැළකිය යුතු ආකාරයෙන් පහත වැටී තිබෙන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.
දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන අනුව 2016 වර්ෂයේදී ත්‍රීරෝද රථ 56,945 ක් ලියාපදිංචි කර තිබුණත් 2017 වර්ෂයේ ලියාපදිංචි කර ඇති ත්‍රිරෝද රථ සංඛ්‍යාව 22,172 කි.
2012 වර්ෂයේ 98,815 ක් 2013 වර්ෂයේ 83,673 ක් 2014 වර්ෂයේ 79,038 ක් සහ 2015 වර්ෂයේ එක් ලක්ෂ
විසිනව දහස් පන්සිය හතලිස් හතක් ක් ලෙස ත්‍රීරෝද රථ ලියාපදිංචි කර තිබු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
එම තත්ත්වය බෙහෙවින් වෙනස් වී 2016 වර්ෂයට සාපේක්ෂව 2017 වසරේ ත්‍රිරෝද රථ ලියාපදිංචිය සියයට 50 ඉක්මවූ ප්‍රමාණයකින් අඩුවී තිබෙි.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා

    ත්‍රීරෝද රථ මිලදී ගැනීමේ අඩුවක් දකින්නට ලැබෙනවා. එක හේතුවක් තමයි පසුගිය අයවැයේදී යෝජනා කරා විද්‍යුත් ත්‍රීරෝද රථ හඳුන්වා දීමට.විද්‍යුත් ත්‍රිරෝද රථ හඳුන්වා දීම පරිසර හිතකාමී වාහනයක් නිසා අපි වගේ පුංචි රටකට බොහෝ දුරට ගැලපෙනවා. ඒ නිසා බොහෝ දෙනා ඉදිරියේදී ඒ විද්‍යුත් ත්‍රීරෝද රථ මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන නිසා මිලදී ගැනීම ටිකක් අඩු වෙලා තියෙනවා. ත්‍රීරෝද රථයක් ගත්තත් වයස අවුරුදු 35 වෙනතුරු මගීන් ප්‍රවාහනය කිරීමේ බලපත්‍රයක් ලැබෙන්නේ නෑ කියන එක. ඒ නිසත් ත්‍රීරෝද රථ මිලදී ගැනීමට යම් උදාසීන බවක් දක්වලා තියෙනවා. අපේ රටේ දෙවැනි වැඩිම මරණ සංඛ්‍යාවක් පෙන්නපු අනාරක්ෂිත වාහනය තමයි ත්‍රීරෝද රථය. එහෙත් ගෙවුණු වසරේදී ඊට පෙර වසරට සාපේක්ෂිතව ත්‍රීරෝද රථ වලින් මියගිය සංඛ්‍යාව අඩුයි 13 කින් 2016 වසරට වඩා.