තායිලන්ත අගමැතිවරයා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න මගහැරිම සඳහා නව ක්‍රමයක් අනුගමනය කර තිබේ. ඒ මාධ්‍යවේදීන් අසන ප්‍රශ්නවලට පිලිතුරු දීම සඳහා කාඩ්බෝඩ් අනුරු කිහිපයක් තබා යාමයි.

 බැංකොක්හි පිහිටි රාජ්‍ය නිල නිවසේ

ඉදිරිපිටමාධ්‍යවේදීන් අසළට පැමිණ අගමැතිවරයා තමන්ගේ උසට
සරිලන කාඩ්බෝඩ් අනුරුවක් තබා මයික්‍රෆෝනය එය වෙත ළං කර එයින් ප්‍රශ්න විමසන්නයි පවසා නැවත නිල නිවස තුළට ගොස් තිබේ. “දේශපාලනය ගැන හෝ අර්බුද ගැන හෝ යමක් සම්බන්ධයෙන් ප්‍රග්න ඇසිය යුතු නම් මොහුගෙන් අසන්න’ යැයි හිටපු හමුදා නායකයකු වූ අග්‍රාමාත්‍ය ප්‍රායුත් චාන් ඕවා රැස්ව සිටි මාධ්‍යවේදීන් පිරිසට පවසා නිල නිවසට ගොස් ඇත.
රට පුරා සාකච්ඡා පවත්වන බවට තායිලන්ත
ආණ්ඩුව ප්‍රකාශ කර තිබුණ ද ඔවුන් එය කර ඇරමින් සිටියි. පසුගිය අප්‍රේල් මාසයේදී නව ව්‍යවස්ථාවක් සහ මැතිවරණ ක්‍රමයක් සඳහා ජනමත විමසුමක් පැවැත්විණි. එම ජනමත විමසුමේ සහ අනෙකුත් දේශපාලන, සමාජ සහ ආර්ථික කරුණු සැලකිල්ලට ගැනීමේදී ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයකදී කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලබාගැනීමට නොහැකිවනු ඇතැයි ද විසිරුණු පාර්ලිමේන්තුවක් නිර්මාණය වනු ඇතැයි ද නිරික්ෂකයෝ පවසති.