සනත් ජයසූරියගේ
දණහිසේ සැත්කම සාර්ථකයි


පසුගියදා දණහිසේ ආබාධ තත්වයක් නිසා ඇවිදීමට අපහසු බවට වාර්තා පළවූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය  සිය සැත්කම සිදු කිරීමට ඕස්ට්‍රේලියාවට ගොස් තිබුණ අතර දණහිසේ සැත්කම මේ වනවිට
හමාර කර තිබේ.

එරටින් ලැබෙන ආරංචි හෙළි කරන්නේ සනත්ගේ සැත්කම සාර්ථක වූ බවයි. ඔහුගේ සැත්කම අවසන් වුවත් ඇවිදීම
සාමාන්‍ය පරිදි සිදුකිරීමට වෛද්‍ය අවසරය තවම ලැබී නැති අතර ඔහු කෙටි කලක් විවෙක ගනු ඇති බවත් පසුව ශාරීරික භෞත චිකිත්සක ව්‍යායාම ආදිය ක්‍රමානුකූලව සිදු කර සම්පූර්ණ සුවයට පත්වනු ඇති බවත් වාරතාවේ.
මේ සමග පළවන්නේ ඔහුගේ සැත්කමින් පසු සහ ඊට පෙර ලබාගත් ඡායාරූපයි