මියන්මාරයේ රොහින්ගයා මුස්ලිම් සුළු ජාතිකයන්ට එරෙහිව තමන් අපරාධ සිදුකළ බවට මියන්මාර හමුදාව පිළිගෙන ඇතැයි විදෙස් පුවත් සේවා ඊයේ (11) වාර්තා කළේය.
මියන්මාර හමුදාව

මෙසේ පිළිගෙන ඇත්තේ පළමු වතාවටය. එම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ බලපෑම් මත මියන්මාර නිල නොවන නායිකයා අවුන් සාන් සුකී පසුගියදා විශේෂ විමර්ශනයක් පැවැත්වුවාය.
එහිදී “ඉන් දින්’ නමැති රොහින්ගයා ගමට කඩා වැදි රොහින්ගයා වැසියන් ඝාතනය කළ බවට හමුදාවේ ඉහල
නිලධාරීන් සිවුදෙනකුට චෝදනා එල්ල වු අතර ඔවුහු ඊට වරදකරුවෝ වූහ. වරදකරුවන් වුණු එම හමුදා නිලධාරීන් තරයේ පවසා ඇත්තේ ඔවුන් මරා දැමුනේ සිවිල් වැසියන්ව නොවන බවත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන “බෙංගාල’ ත්‍රස්තවාදීන් වූ බැවින් කියාය. බෙංගාල ත්‍රස්තවාදීන් යනු රෝහින්ගයා මුස්ලිම් වැසියන්ට සහාය පළ කරන ඉස්ලාමීය සන්නද්ධ කල්ලියකි. රොහින්ගයා මුස්ලිම් වැසියන් ජීවත් වන්නේ රකීන් නමැති පළාතේය. මෙම වැසියන් රකින් පළාත වෙනුවෙන් වෙනම පාලනයක් ඉල්ලීම නිසා මෙම ගැටුම් පවතී.