කිලිනොච්චිය මුලංකාවිල් මාර්ගයේ පෙරේදා (09දා) සවස යමින් සිටි පාසල් සිසුවකු මතට ධාවනය කරමින් තිබූ බැකෝ යන්ත්‍රයක් පෙරළීමෙන් පාසල් සිසුවා එම ස්ථානයේදීම මියගොස් රියැදුරුද බරපතළ තුවාල ලබා
ඇති බවට මුලංකාවිල්

පොලිසිය කීය.

මුලංකාවිල් මාර්ගයේ ක්‍රිෂ්ණා කෝවිල අසලදී බැකෝ රථය අධික වේගයකින් ධාවනය කොට ඇති අතර එහිදී රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් පෙරළී ගොස් ඇත්තේ මාර්ගයේ ගමන් කරමින් සිටි 14 හැවිරිදි පාසල් සිසුවකු ද යටකරමිනි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ මුලංකාවිල් ප්‍රදේශයේ පදිංචි උදයකාන්තන් ප්‍රසාද් නමැති 14 හැවිරිදි පාසල් සිසුවෙකි. ඔහුගේ මළ සිරුර මුලංකාවිල් රෝහලේ තැන්පත් කොට ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ බැකෝ යන්ත්‍රයේ රියැදුරු යාපනය රෝහලට ඇතුළත් කොට ඇත. අනතුර සම්බන්ධයෙන් මුලංකාවිල් පොලිසිය වැඩි දුර පරීක්‍ෂණ සිදුකරයි.