මහේන්ද්‍රන්, අර්ජුන් , කසුන් 
ඇතුළු අයගෙන්

බැඳුම්කර අලාභය පියවා ගන්නවා
- ජනපතිගේ විශේෂ ප්‍රකාශය

මත භේදාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ජනපති කොමිසම සකස්කළ වාර්තාවට අදාළව ජනපති මෛත්‍රිපාල සිරිසේන අද (3) සවස 6 ට සිදු කළ ප්‍රකාශය මගින් බැඳුම්කර වැරදිකරුවන්ට දඩුවම් දෙන බවත් අලාභය වන රුපියල් මිලියන 11,145 කට වැඩි මුදල් ප‍්‍රමාණය  ඔවුන්ගෙන් අයකරගන්නා බවත් දන්වා ඇත.
මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති තනතුරට පත්කිරීම පිළිබඳව ගරු අග‍්‍රාමාත්‍යතුමාගේ වගකීම විධිමත් බවත් වාර්තාවේ සඳහන් වෙන බව ඔහු ප්‍රකාශ කළේය.හිටපු ඇමති රවී කරුණානායක අර්ජුන් ඇලෝසියස්ගෙන් තට්ටු නිවාස ලබාගැනීම සම්බන්ධව අල්ලස් නඩු පවරන බවද දන්වා ඇත.
මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිහේන යන අය සහ
වාර්තාවේ හඳුනාගෙන ඇති අන් වගකීම් දරන නිලධාරින්ට එරෙහිව අපරාධ හා සිවිල් නීති කෘත්‍යයන්ට එළැඹීමට පියවර ගන්නා බවද  දැන්වීය.

      ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලද විශේෂ ප‍්‍රකාශය සම්පූර්ණයෙන් පහත පරිදිය.


      ඔබ සියලුදෙනාට තෙරුවන් සරණයි.

 ලැබූ 2018 නව වසර සියලුදෙනාට සමෘද්ධිමත් වාසනාවන්ත නව වසරක් වේවා කියා මම මුලින්ම
ප‍්‍රාර්ථනා කරනවා. අද රටේ ජනතාවගේ වැඩි අවධානයකට යොමූ වී, සාකච්ඡාවට ලක්වී
තිබෙන, එමෙන්ම ඉතා  ඕනෑකමින් බලා සිටින ශී‍්‍ර ලංකා මහ බැංකුව බැඳුම්කරනිකුත් කිරිමේදී
2015 සහ 2016 කාලසීමාව තුළ අක‍්‍රමිකතා සහ දූෂණ සිදු වූ බවට ඇතිවූ චෝදනා, පැමිණිලි
සහ ජනමතය සැලකිල්ලට ගෙන මා විසින් පත්කරනු ලැබූ ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව සහ
ඊට අදාළව ඉදිරියේ කි‍්‍රයාත්මක කළයුතු නිර්දේශ 2017-12-30 වන දින ඉහත කී කොමිසන්
සභාව විසින් මා වෙත භාර දෙනු ලැබුවා.
බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධව විමර්ශන හා පරීක්ෂණ කිරීමට එම කොමිසන් සභාවට බලය, වරය
ලැබුණේ 2015 පෙබරවාරී 01 දා සිට 2016 මාර්තු 31 දක්වා කාලය පිළිබඳවයි. එකී
කොමිසන් සභාවේ කාර්යය වූයේ අදාළ කරුණු සොයා ගැනීම, නිගමනයන්ට එළැබීම සහ නිර්දේශ
ඉදිරිපත් කිරීමයි. කොමිසන් සභාවේ කොමසාරිස්වරු ලෙස කටයුතු කළ ශ්‍රේෂ්ඨාධිකරණ
විනිශ්චයකාරතුමාලාටත්, කොමිසන් සභාවේ කොමසාරිසවරයෙක් ලෙස කටයුතු කළ රජයේ විගණන
දෙපාර්තමේන්තුවේ විශ‍්‍රාමික විගණකාධිපතිතුමාටත්, ඒ වගේම කොමිසන් සභාවේ ලේකම් ඇතුළු
සියලු කාර්ය මණ්ඩලවලටත්, මෙම කොමිසන් සභාවට සහය දුන් පොලිස් දෙපාර්තමේන්තුව, නීතිපති
දෙපාර්තමේන්තුව සහ ඊට අදාළ අනෙකුත් ආයතන සංවිධාන, පුද්ගලයින් ආදී සියලුදෙනාට මම
මාගේ ස්තූතිය පුද කරනවා.
මෙම කොමිසන් සභා වාර්තාවලින් හෙළිවන කරුණුවලට සමාන තත්ත්වය 2008 වසරේ සිට සිදුව ඇති
බව කොමිසන් සභාවේ අදහසයි. එම කටයුතු සොයා බැලීම සඳහාඑනම් 2008 වසරේ සිට සිදුවූ
දූෂණ සහ අක‍්‍රමිකතා පිළිබඳව මුලින්ම කළ යුත්තේ වෝහාරික විගණනයක් බවත් එය ශ‍්‍රී ලංකා
මහ බැංකුව විසින් කළ යුතු අතර, ඉන් පසු ලැබෙන තොරතුරු මත නීතිමය කි‍්‍රයාමාර්ගවලට යා
යුතු බවත් කොමිසම දන්වා සිටිනවා.
වැඩිපුරම සේවක අර්ථසාධක අරමුදල  විනාශ වී ඇත්තේ එම කාලය තුළ බව කොමිසන් සභාව
සඳහන්කරනවා. 2015-2016 කටයුතු සම්බන්ධව කොමිසම ඉදිරිපත් කර ඇත්තේ අතුරු වාර්තාවක්
නොව පිටු 1257 කින් පමණ යුත් සම්පූර්ණ වාර්තාවක්. කොමිසමට මෙම කටයුතු සඳහා මාස දහයක
කාලයක් කටයුතු කිරීමට සිදු වූ බව ඔබ දන්නවා.
මෙම වාර්තාව මේ වන විටත් නීතිපතිතුමා වෙත මා විසින් භාරදී ඇති අතර ඉදිරියේදී වාර්තාවේ
නිර්දේශ මත අපරාධ සහ සිවිල් නඩු පැවරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් දුෂණ
විමර්ශණ කොමිසම හරහා සිදු විය යුතු බව කොමිසන් වාර්තාවේ සඳහන්කර තිබෙනවා.
මහ  බැංකු ව්‍යුහය, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ඝෘජු බැඳුම්කර නිකුතුවේ සහ
බැඳුම්කරවෙන්දේසියේ වාසි සහ අවාසි වාර්තාවේ පැහැදිළි කර තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන්
මහතාගේ ද, බැංකු නිලධාරින් සහ වෙනත් බාහිර පුද්ගලයින්ගේ ද සහභාගිත්වය හරහා
පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් නිත්‍යානුකූල නොවන අන්දමින් මුදල් උපයා ඇති බව මෙහි
සඳහන්වෙනවා.
2015 පෙබරවාරි  මස 27 වන දින පැවත්වූ වෙන්දේසියෙන් පමණක් පර්පචුවල් ටෙ‍්‍රෂරීස්
සමාගම ලබා ඇති අවම වාසිය රුපියල් මිලියන 688කට වැඩි ප‍්‍රමාණයක් බව සඳහන්වෙනවා.
මෙම පරීක්ෂණ කාලසීමාව තුළ සොයාගත් තොරතුරු මත මීට වැඩිවීමක් ද සිදුවිය හැකි බව කොමිසන්
සභා වාර්තාවේ සඳහන්වෙනවා.
පරීක්ෂණයේදී හෙළි වූ තත්ත්වයන් අනුව ද්විතීය වෙළෙ`දපොළේ ගනුදෙනුවලින් පර්පචුවල් ටෙ‍්‍රෂරීස්
සමාගම ලබා ඇති වාසිය අවම වශයෙන් මිලියන 11,145 ක් වන අතර ඒ අතරින් සේවක
අර්ථසාධක අරමුදල සහ අනෙකුත් රජයේ ආයතනවලට සම්බන්ධ වූ අලාභය රුපියල් මිලියන් 8,529
ක හෙවත් බිලියන් 8.5කට වඩා වැඩිවන බව වාර්තාවේ සඳහන්වෙනවා.

මහ බැංකුවේ හිටපු අධිපති මහේන්ද්‍රන් මහතා ඉදිරියේ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්
අකී‍්‍රයශීලි වී ඇති බවත් වාර්තාවේ සඳහන්වෙනවා. ඔවුන් කිසිම ප‍්‍රශ්න කිරීමකින් තොරව එසේ
අකී‍්‍රයවීම නිසා සාවද්‍ය ස්ථාවරයන්ට එළැඹී ඇතැයි විශ්වාසය පළකළ හැකි බව කොමිසන්
සභා වාර්තාවේ සදහන්

මහේන්ද්‍රන් මහතා අසම්මත සහ සාවද්‍ය අන්දමින් තිීරණ ගැනීමේ කි‍්‍රයාවලියක් මගින්
බැඳුම්කරවෙන්දේසිවලට මැදිහත්වී ඇති අතර, අභ්‍යන්තර තොරතුරු පිටතට බෙදාදීම සම්බන්ධයෙන්
වගකිවයුත්තෙකු බවද වාර්තාවේ සඳහන්වෙනවා. මෙම කි‍්‍රයාවන් මගින් එක්තරා පාර්ශ්වයකට
වාසි ගැනීමට හැකිවී ඇතැයි තීරණය වී තිබෙනවා.
මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති තනතුරට පත්කිරීම පිළිබඳව ගරු අග‍්‍රාමාත්‍යතුමාගේ
වගකීම විධිමත් බවත් වාර්තාවේ සඳහන්වෙනවා. පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කිරීමේදී ගරු
අග‍්‍රාමාත්‍යතුමා මහේන්ද්‍රන් මහතා සහ සමරසිරි යන මහත්වරුන් කෙරෙහි  විශේෂයෙන්
මහේන්ද්‍රන් මහතා විසින් දෙන පොරොන්දු මත විශ්වාසය තබා ඇති බව වාර්තාවේ
සඳහන්වෙනවා. අග‍්‍රාමාත්‍යතුමා එසේ නොකළ යුතු බවත් එහි සඳහන්වී තිබෙනවා. මෙම කරුණු
කෝප් කමිටුව ඉදිරියේද තිබූ හෙයින් මහේන්ද්‍රන් මහතා සම්බන්ධ විධිමත් පියවර නොගත් බවට
එතුමා පැහැදිලි කර තිබෙන බව කොමිසන් වාර්තාව සඳහන්කරනවා.


ඇලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නතුව තිබූ වෝල්ට් ඇන්ඞ් රෝ සමාගම විසින්
,පෙන්ට්හවුස්,  තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක
මහතා වෙත වගකීම වාර්තාවේ සඳහන්වෙනවා. ඔහුට විරුද්ධව අල්ලස් දූෂණ පනත යටතේ නඩු
පැවරිය යුතු බවත්, දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ කොමිසන් සභාවට ඔහු අසත්‍ය සාක්ෂි දීම
සම්බන්ධයෙන් ද නඩු පැවරිය යුතු බව මෙම වාර්තාවේ සඳහන්වෙනවා.
සේවක අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිතයක් සිදුව ඇති බවත්, නියම මුදල් ප‍්‍රමාණය සොයා
ගැනීම සඳහාවෝහාරික විගණනයක් හා පරීක්ෂණයක් (Forensic Audit Examination)
 පැවැත්විය යුතු බව සඳහන්වෙනවා.
අදාළ පාර්ශ්වයන්ගේ කි‍්‍රයාමාර්ග හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිතයට
මගපෑදි ඇති අතර, මීට අදාළ පුද්ගලයින් වාර්තාවේ හඳුනාගෙනතිබෙනවා. ඔවුන්ට එරෙහිව
කි‍්‍රයාකළයුතු බව කොමිසන් වාර්තාව සඳහන්කරනවා. දඩුවම් ලබාදීම සඳහාපර්පචුවල් ටෙෂරිස්
සමාගම  අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිහේන යන මහත්වරුන් සහ වාර්තාවේ හඳුනාගෙනඇති අන්
වගකීම් දරන නිලධාරින්ට එරෙහිව අපරාධ හා සිවිල් නීති කෘත්‍යයන්ට එළැඹීමට යෝජනා කරන
අතරම රජයට වූ අලාභය අය කර ගැනීමට ද කි‍්‍රයාකළයුතු බව කොමිසන් සභාවේ ස`දහන්. ඒ
සඳහානීතිමය ප‍්‍රතිශෝධන කිරීමත් සිදුවිය යුතුව තිබෙනවා.
මෙහිදී විශේෂයෙන් සඳහන්කරනවා ශ‍්‍රී ලංකා මහ බැංකුව තුළ ඉදිරියේදී මෙවැනි තත්ත්වයන්
ඇතිවීම වැළැක්වීම සඳහාකොමිසන් සභාවේ වර්තමාන නිර්දේශයන්ට බලපාන ආකාරයටත්, පැරණි
පනත අහෝසිකර නව මුදල් නීතියක් :ඵදබසඑදරහ ඛ්අ ්ජඑ*  සකස් කළයුතු බව සහ  ලියාපදිංචි
කොටස් සුරැුකුම්පත් ආඥා පනත නව නීතියක් මගින් වෙනස් කළයුතු බව. මුදල් මණ්ඩල සාමාජිකයන්
සහ මහ බැංකු අධිපති  පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවේ එක`ගතාවය මත කළයුතු බව ඒ
සඳහාඅදාළ රෙගුලාසි වෙනස්කළ යුතු බවත් සඳහන්වෙනවා.
රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කි‍්‍රයාකාරිත්ව දැඩි අධීක්ෂණයට ලක්කළ යුතු බව
සඳහන්වෙනවා. මහ බැංකුවේ විගණන කටයුතු නිසි ආකාරයෙන් සිදු නොවන හෙයින් විගණන අංශය
සහමුලින්ම ප‍්‍රතිසංවිධානය කළයුතු බව නිර්දේශවල සඳහන්වෙනවා. මහ බැංකුවේ නීති
දෙපාර්තමේන්තුවක් පිහිටුවා එය වඩාත් කාර්යශූර බවට පත්කළයුතු බව ද වාර්තාවේ ස`දහන්.
2008 වසරේ සිට 2015 දක්වා නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කරපිළිබඳව පරීක්ෂා කිරීමට මෙම
කොමිසමට වරයක් නොතිබුණු හෙයින් එවැන්නක් සිදු නොකළ ද, ඒ ගැන පරීක්ෂා කිරීම සුදුසු බවට
කොමිසම නිර්දේශ කරනවා.

පෑන් ඒෂියා බැංකුව සමග සිදුකර ඇති ගනුදෙනු සහ එහි කලින් සිටි සභාපතිවරයාගේ
කි‍්‍රයාකලාපය ද පරීක්ෂාවට ලක්කළ යුතු බව කොමිසමේ නිර්දේශයයි. සේවක අර්ථසාධක
අරමුදලේ කටයුතු විධිමත් පරීක්ෂණයකට ලක් කළයුතු අතර, එම දෙපාර්තමේන්තුවේ කාර්යයන් නිසි
මගකට ගෙන ඒම සඳහාප‍්‍රතිශෝධනය කළයුතු බවද ස`දහන්. මහ බැංකු නිලධාරින්ට ආචාරධර්ම
සංග‍්‍රහයක් හ`දුන්වාදීමත්, ප‍්‍රාථමික ගැණුම්කරුවන්ගේ ආචාරධර්ම සංග‍්‍රහය යථාපූර්ණ
කිරීමත් සිදුකළයුතු බව කොමිසන් සභාවේ අදහසයි.

නීතිපතිතුමා සහ අල්ලස් හා දූෂණ කොමිසන් සභාව මගින් වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම
සඳහාඅවශ්‍ය පරිදි කටයුතු කළයුතු බව මෙහිදී පැහැදිලි කරදී තිබෙනවා. සාමාන්‍යයෙන් අදාළ
මුදල් අයකර ගැනීම් සිවිල් නීති කෘත්‍යයන් මගින් ඉටුකරගත හැකියි. එහෙත් එය කල්ගතවන
කි‍්‍රයාමාර්ගයක්. විකල්පයක් ලෙස මෙම මුදල් අය කර ගැනීමට පාර්ලිමේන්තුවේ පනතක් ඉදිරිපත්
කර පාර්ලිමේන්තු සම්මතයෙන් පසු වේගවත්ව අදාළ මුදල් අය කර ගැනීමේ හැකියාවක් ඇති බව
කොමිසම යෝජනා කර තිබෙනවා. අප ඒ සඳහා එකග වෙනවා.

කොමිසම පවත්වාගැනීම සඳහා දරන ලද සියලුම පිරිවැය පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන්
අයකරගත යුතු බව ද කොමිසමේ නිර්දේශයයි. මා විසින් දැනටමත් වාර්තාවේ පිටපතක් ගරු
නීතිපතිතුමා වෙත භාරදී තිබෙනවා. එතුමා විසින් නීතිමය වශයෙන් කි‍්‍රයාකළ යුතු අයවළුන්
හඳුනාගෙන නිසි කි‍්‍රයාමාර්ග අපරාධ හෝ සිවිල් කටයුතු සම්බන්ධයෙන් ගැනීමට කටයුතු කරනු ඇති.

කොමිසමේ නිර්දේශවලට අදාළ නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනතේ
කළයුතු සුළු සංශෝධනයක් පැහැදිලි කළයුතුව තිබෙන බව දන්වා සිටිනවා. ඒ සම්න්ධයෙන් මේ වන
විටත් කෙටුම්පත් සකසා නීති කෙටුම්පත් නිලධාරින් එම කටයුතු කඩිනම්න් සිදුකිරීම කි‍්‍රයාත්මක වන

     බව මා මෙහිදී සඳහන් කරනවා.
අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව ශක්තිමත් කර එහි කටයුතු කඩිනමින් කාර්යක්ෂම කිරීම මේ
සඳහාමීට බොහෝ කලකට පෙර කළයුතුව තිබූ දේ දැන් අප විසින් ආරම්භ කර තිබෙනවා.

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ රහස්‍ය බව, විධිමත් බව විගණන කටයුතු පිළිබඳ තිබී ඇත්තේ ඉතා
දුර්වල තත්ත්වයක්. ටෙලිෆෝන් රෙකෝඩින් හෝ නව සීසීටීවී කැමරා ක‍්‍රම කිසිවක් ශී‍්‍ර ලංකා
මහ බැංකුවේ තිබී නැහැ. එම දුර්වලතා මහහැරීමට වර්තමාන අධිපතිවරයා මේ වන විටත්
කටයුතු කර තිබෙනවා.

මෙම කොමිසන් සභාවේදී හෙළිවූ කරුණු මත මහ බැංකුවේ සේවකයින් කිහිපදෙනෙකුගේ ඉහත කාලය
තුළ සේවය තහනම් කර විනය පරීක්ෂණ ආරම්භ කර ඇති බව මහ බැංකු අධිපතිතුමා දන්වා තිබෙනවා.

කොමිසන් සභාවේ නිගමනයන් හා නිර්දේශ මත ශී‍්‍ර ලංකා මහ බැංකුවේ කළයුතු වෙනස්කම්
සම්බන්ධයෙන් ඉදිරි දිනවල මහබැංකු අධිපතිතුමා විසින් ප‍්‍රකාශයක් කරනු ඇතැයි මම
බලාපොරොත්තු වෙනවා.

මහ බැංකුවේ මෙවැනි දූෂණ, වංචා හා අක‍්‍රමිකතා ඉදිරියේදී සිදු නොවීමට කොමිසම විසින්
නිර්දේශ කර ඇති නව පනත් 3ක් කඩිනමින් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලෙස නීතිපතිතුමා
සහ අධිකරණ අමාත්‍යාංශයෙන් මම ඉල්ලා සිටිනවා.

අදාළ පුද්ගලයන්ට නඩු පැවරීම සහ කොමිසමේ සියලු නිර්දේශ අඛණ්ඩව, කාර්යක්ෂමව,
ප‍්‍රමාදයකින් තොරව කි‍්‍රයාත්මකවීම පිළිබඳව අදාළ අංශ ප‍්‍රධානින් සමග මසකට වරක්
ප‍්‍රගති සමාලෝචනයක් කිරීමට මගේ ලේකම්වරයාට දැනුම් දී ඇති බව මෙහිදී මා වැඩිදුරටත්
සඳහන්කරනවා.

සිදුවී ඇති අලාභය වන රුපියල් මිලියන 11,145 කට වැඩි මුදල් ප‍්‍රමාණය නැවත අය කර
ගැනීමටත්, වැරදිකරුවන්ට දඩුවම් පැමිණවීම සඳහා නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමටත් කිසිසේත් මම
පසුබට නොවන බව මෙහිදී විශේෂයෙන් සඳහන්කළ යුතුයි.

සේවක අර්ථසාධක අරමුදල, මහපොළ ශිෂ්‍යත්ව අරමුදල, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අරමුදල,
ශී‍්‍ර ලංකා රක්ෂණ සමාගම, රක්ෂණ සංස්ථාවේ අරමුදල් ඇතුළුව මෙම සිද්ධියෙන් රජයට අහිමිවී
ඇති මුදල් ප‍්‍රමාණය රුපියල් මිලියන 8,529 ක් හෙවත් බිලියන 8.5ට වැඩිවෙනවා. සමාගම
ලාභ ලෙස ඉපැයූ මිලියන 11,145න් ඉතිරි මුදල් පෞද්ගලික අංශයට අයත්.

පර්පචුවල් ටෙ‍්‍රෂරිස් සමාගම මෙම අතිවිශාල මුදල හෙවත් ලබා ඇති මිලියන 11,145ක් වන
ලාභය ලබා ඇත්තේ මාස 5ක් වැනි කෙටි කාලයක් තුළ බව ද සඳහන්.

අවසාන වශයෙන් විශේෂයෙන් කිවයුත්තේ මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, ඒ
අනුව මහජනයාට විවෘත වාර්තාවක් බවට පත්කිරීමටත්, අදාළ කටයුතු විධිමත්ව හා නීත්‍යානුකූලව
සිදුකිරීමටත් නීතිපතිතුමාගේ උපදෙස් අනුව ඉදිරියේදී කඩිනමින් ඒ අවශ්‍ය කටයුතු සිදුවන බව.

වග උත්තරකරුවන්ට නඩු පැවරීමේදී එම නඩුවලට අවාසි සහගත නොවන ලෙස මෙම කොමිසන් සභා
වාර්තාවේ කරුණු විවෘතභාවය පිළිබඳව සැලකිලිමත්විය යුතු බවද කාරුණිකව මම මෙහිදී සඳහන්කරනවා.

ඒ වගේම මෙම කොමිසන් සභාවට අදාළ නොවන විශේෂයෙන්ම මීට පෙර මා විසින් පත්කරන ලද
තවත් කොමිසන් සභාවක වාර්තා, එම කටයුතු අවසන් වී මා වෙත භාරදී තිබෙනවා. ඒ බරපතළ
වංචා දූෂණ, රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති
කොමිසන් සභාවයි මෙම කොමිසන් සභාව වසර දෙක හමාරක කාලයක් කටයුතු කර තිබෙනවා. එම
කොමිසමේ කටයුතු කළ සියලු මහාධිකරණ විනිසුරුතුමන්ලා ඇතුළු ලේකම් සහ කාර්ය මණ්ඩලයටද ඒ
සඳහාසහය දුන් සියලු  ආයතනවලට මාගේ ස්තූතිය පිරිනමනවා.

මෙම කොමිසමේ වාර්තා 34ක් මේ වන විට මා වෙත භාරදී තිබෙන අතර පසුගිය මෑත දිනක
වාර්තා 17 ක් භාරදී තිබෙනවා. ඊට පෙර 17ක් භාරදී තිබෙනවා. පෙර භාරදුන් 17ම මම
නීතිපතිතුමාට භාරදී තිබෙනවා, අදාළ ආයතන විසින් කටයුතු කිරීමට. එම වාර්තා පිළිබ`ද අල්ලස්
හා දූෂණ විමර්ශණ කොමිෂන් සභාව සහ අනෙකුත් ආයතන, දෙපාර්තමේන්තු, පොලීසිය නඩු පැවරීම්
මේ වන විටත් සිදුකර තිබෙන අතර, මීට දින දෙකකට පෙර භාරදුන් වාර්තාව අපි මේ සතියේම
භාරදෙන බව නීතිපතිතුමාට මෙහිදී සඳහන්කරන්න  ඕන. ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු
සිදුවන බව විශේෂයෙන් සඳහන් කළයුතුයි.

මේ බරපතළ වංචා දූෂණ රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද
කොමිසම ප‍්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් ඉදිරිපත්කර තිබෙනවා. එම කරුණු කි‍්‍රයාත්මක කිරීම
රජයේ වගකීමක් වන අතර, ඔබට දැන ගැනීම සඳහාමම පැහැදිළි කරනවා.

දූෂණ, වංචා අක‍්‍රමිකතා පිළිබ`ද විමර්ෂණ කටයුතුවලට සුදුසු පූර්ණ දැනුමක් හා පුහුණුවක් ඇති
නිලධාරින්ගෙන් අපේ රටට විශාල හි`ගයක් තිබෙන නිසා ඒ සඳහාඅවශ්‍ය පුහුණුව ලබා දී සුදුසු
නිලධාරින් ඒ සඳහාපත්කළයුතු බව මෙහි පෙන්වා දී තිබෙනවා.

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු වශේෂ තනතුරුවලට පත්කිරීමේදී ඒ සඳහානියමිත
සුදුසුකම් නොමැති අය පත්කර ඇති බවත්, එබැවින් එම ආයතනවල ප‍්‍රධානීන්, සභාපතිවරුන්,
අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීමේ දී එම තනතුරට සුදුසු අය පමණක් පත්කළයුතු බව ද එම කොමිෂන්
සභාව ඉතා තරයේ ප‍්‍රකාශ කර තිබෙනවා.

එම කොමිසමට රජය වැය කළ මුදලට වැඩි මුදලක් එම කොමිසම විසින් මේ වන විට රජයට සොයා
දී තිබෙන බව කොමිසම දන්වා තිබෙනවා. අල්ලස් නඩු පැවරීම කොළඹ මහාධිකරණය තුළ පමණක්
සිදු කිරීම මගින් ලැබෙන ප‍්‍රතිඵල අඩු බවත්, එයින් විශේෂයෙන් සාක්ෂිකරුවන්ට වැනි අයට
දිවයිනේ ඈත එපිට ප‍්‍රදේශවල සිට කොළඹට නිතර මෙම කටයුතු සඳහාපැමිණිමට තිබෙන
අපහසුතාව සැලකිල්ලට ගෙන අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව යටතේ නඩු දැනට කොළඹ පමණක්
ඇසීම වෙනුවට අවම වශයෙන්  පළාත්බද අධිකරණ කි‍්‍රයාවලියක් තුළ කි‍්‍රයාත්මක කළයුතු බව
මෙම කොමිසම දන්වා තිබෙනවා.

එමෙන්ම මෙම වාර්තා දෙකේම කරුණු අවසන් කිරීමට පෙර මා තවත් විශේෂ යමක් සඳහන්කළ
යුතුයි. මෙම කොමිසන් සභා පත්කිරීම සම්බන්ධයෙන් සමාජය සහ පොදු මහජනතාව දැඩි උනන්දුවක්
ඒ වගේම දැඩි  ඕනෑකමක්, අවධානයක් යොමු කරන බව පෙන්නුම් කළා. මේ කොමිසන් සභාව
පත්කිරීම විශේෂයෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ බැදුම්කර කොමිසම සම්බන්ධයෙන් එය පත්කරන
අවස්ථාවේත් ඇතැම් අය කිව්වා මීට පෙර පත්කළ කොමිසම්වලට වූ දේ තමයි මෙයටත් සිදුවන්නේ
කියා. කොමිසමක් පත් කරන්නේ ප‍්‍රශ්න යටගහන්න බව මාධ්‍ය තුළත් ඇතැම් අය
පාර්ලිමේන්තුවේදීත් සඳහන්කර තිබෙනවා.

නමුත් මේ කොමිසන්වල කටයුතු පිළිබඳව එහි කි‍්‍රයාකාරිත්ව පිළිබඳව අපි ඉතාමත් සතුටු විය යුතුයි
වගේම විනිශ්චයකාරතුමන්ලා ඇතුළු ඒ සෑම කෙනෙකුටම නැවත නැවතත් මම ස්තුතිවන්ත වෙනවා
මහජනයාගේ විශ්වාසය දිනාගනිමින් මෙම කොමිසන් සභාවලට කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන්.

තවත් යමක් මා අවසාන වශයෙන් කිවයුතුයි, මේ කොමිසන් සභා පත්කිරීම තුළ ඇතැම් දේශපාලන
අංශවලින් මට එල්ල කරන ලද චෝදනා පිළිබඳවත්. කිසියම් දේශපාලන පක්ෂයක් මුල්කරගෙන හෝ
කිසියම් දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගෙන මෙම කොමිසන් සභා මා විසින් පත් නොකළ අතර මම
සඳහන්කළ කොමිසන් සභා දෙකේම පරීක්ෂණ කටයුතු , නිර්දේශ හා එම තොරතුරු මත ඉදිරියේදී
කි‍්‍රයාකිරීමේදී නීතිමය කි‍්‍රයාමාර්ගවලදී හා නඩු පැවරීමේදී ප‍්‍රධාන දේශපාලන පක්ෂ
දෙකෙහිම පුද්ගලයින් වගඋත්තරකරුවන් බවට පත්වී තිබෙන බව විශේෂයෙන් සඳහන්කළ යුතුයි.

එම නිසා කිසියම් එක් දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගෙන කටයුතු නොකරනවා වගේම අධිකරණයේත්
කොමිසන් සභාවල අපක්ෂපාතිත්වය සහ ස්වාධීනත්වය පිළිබඳ අප සතුටුවිය යුතු වෙනවා. මේ සඳහා
අවශ්‍ය සම්පූර්ණ සහයෝගය මේ කටයුතු සඳහාලබාදෙන බව ප‍්‍රකාශ කරන්න  ඕන.

සියලුදෙනාටම ස්තූතියි.